මෙවර කාලගුණ ආපදාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට පමණක් රුපියල් බිලියන විස්සක් අලාභ සිදුවී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.
ඒ අනුව එම පාඩුව පියවා ගැනීම සඳහා ඩොලර් මිලියන 100 එක ණයක් ලබාගැනීමට මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසුවේය.
මෙම ණය ගැනීම සිදු කරන්නේ විදුලි බිල වැඩි කිරීම සඳහා එකඟතාවය පළ කරමින් බවත් ඔහු සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කලේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
