මීට පෙර මිලිමීටර් 150mm-180mm ප්‍රමාණයේ වැස්සක් ඇද හැලුණු සෑම අවස්ථාවකම මාතර දිස්ත්‍රික්කය වැඩිම හානියකට ලක් වූ දිස්ත්‍රික්කයක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
නිල්වෙලා ගඟ ආශ්‍රිතව මාතර දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය බලපෑ බවත් ගං ගග ආශ්‍රිතව ගාල්ල දිස්ත්‍රික්කයටද මේ ආකාරයෙන්ම තත්ත්වයක් තිබූ බවත් ඔහු පවසයි.
නමුත් මෙවර වර්ෂාවේදී එය කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී සිට නිලවලා ගඟ සුද්ද පවිත්‍ර කළ නිසා බවත් අකුරැසේ සිට මාතර දක්වා වූ කිලෝමීටර තිස් හතරක දුර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගඟ සුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේය.
එවන් කටයුත්තක් සිදුකර ඇත්තේ අවුරුදු 25 කට පසුවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුනු බවත් ඒ මහතා තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

ඔය කතාව ඉංග්‍රීසි භාෂාවෙන් කියපන්කො මචං... අපිටත් තේරෙන්න..
ReplyDeleteමූ ලබ්බක් කියවනවා වෙනද තරම් වැස්සක් මාතරට වැස්සේ නෑ
ReplyDeleteWenadata matara wahinne netiwat yata euna
Delete