හිටපු කතානායක අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථය ඊයේ රාත්‍රිය රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමත්ව සිටියද යන්න පරීක්ෂා කරන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව සපුගස්කන්ද පොලිසිය සඳහන් කර තිබේ.
සේවය කළ විමසීමකදී ඔවුන් මේ බව සඳහන් කර ඇත.
එම පුවත් වාර්තාව සම්පූර්ණයෙන්ම මෙසේය.
"සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී ඊයේ [දෙසැම්බර් 11] සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටින බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ, ඊයේ දිනයේ රාත්‍රී 7.45ට පමණ මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබිණි.
එහිදී තුවාල ලැබූ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.
ඉතිරි දෙදෙනා සහ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා ඇති බව එම පොලිස් ස්ථානය පවසයි.
එම අවස්ථාවේදී ආසෝක රන්වල මන්ත්‍රීවරයා රිය පදවා ඇත්තේ බීමත්ව ද යන්න බීබීසී සිංහල සපුගස්කන්ද පොලිසියෙන් විමසීමක් කළේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ බව පරීක්ෂා කෙරෙනු ඇතැයි පොලිස් ස්ථානයෙන් වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ පාර්ශව දෙක ම සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කරමින් සිටියි"
අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අශෝක රන්වල මහතා බීමතින් සිටියේද නැද්ද යන්න සම්බන්ධයෙන් සපුගස්කන්ද ස්ථානාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.
ඊයේ රාත්‍රියේදී අනතුර සිදුවූ අවස්ථාවේ අශෝක රන්වල මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ බව නමුත් එය සිදුකර එය සිදු කර ගැනීමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

කතානායක උනේ උපාධියක් තියනවා කියලා . වාහනේ එල්ලෙව්වට ලයිසන් නැ .... බීලා හප්පලා .... පය 18ක් ගිහිල්ලත් පොලීසිය බිමත් කම පරික්ෂා කරලා නැ
ReplyDeletemokkda me jeppage anduwa okkoma boru karayo munta gahala panne wenne. me wage ekke katha nayaka unama hodata tiyevie kamalli lankwe minisun muta vote kelane
ReplyDeleteParakku karnney Ranwalawa goda danna. Moka balayata awath ekama system eka wenney. Wena manussayek anthurak kalanam mey wenakota okkoma pariksana iwaryi. LAJJAI.
ReplyDeleteපොලිස් මහතා ඇඹරෙනවා ඇඹරිල්ලක්. ලැජ්ජාවේ බෑ.
ReplyDeleteපොලිස් මාධ්ය ප්රකාශකගේ ප්රෙෂර් නැගලා ඇති නහුතෙට. බලන්නකෝ එතුමා තටමන තැටමිල්ලක්.
ReplyDeleteබස් එක පෙරලුන වෙලාවේ බස් එක හප්පගෙන ගිය එකාව ඒ වෙලේම අත්අඩංගුවට ගත්ත. මූ හප්පගෙන ගිහිල්ල පැය 14 හිටියේ වෙරි බහින්කල්ද? පොලීසිය ඔහොම බය වෙන්නේ මොන මගුලකටද? කලින්නම් අමතිලට පාතාල සම්බන්ධකම් තිබුන කියමුකෝ. දැන් මොකෝ? ඒ කියන්නේ ආණ්ඩු කරන මිනිස්සුන්ගේ නෙවෙයි අවුල පොලීසියේ කොන්දක් නැතිකම.
ReplyDeleteWow wow bravo jvp police officer you are washing dirty laundry as you told by Anura. You tell us ,& we are watching your comedy dramas 😀 .
ReplyDelete