ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මෙරට විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වන මහවැලි සංවර්ධන වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාරයක් ලබා දීමට අනුමැතිය පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මහවැලි ගංගාවෙන් ගලා යන අතිරික්ත ජල ප්‍රමාණය ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශයන් වන උතුරු සහ වයඹ පළාත් වෙත හරවා යැවීම බව ADB සඳහන් කරයි.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම තුළින් උතුරු මැද පළාතේ ගොවි පවුල් 35,600 කට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රයෝජන ලැබීමට නියමිතය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික අංශයේ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට දායකත්වයක් ලබා දෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.
ADB හි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂවරයා වන වකෆුමි කඩෝන්නෝ මහතාට අනුව, ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයන් අඩු කර ගැනීමට යම් සාර්ථකත්වයක් ලබා තිබුණද, මෙම තත්ත්වය තවමත් රටේ සංවර්ධන අභියෝගයක් ලෙස පවතී.
ආහාර සුරක්ෂිතතාව සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායිතාවක් සහ බෝග විවිධාංගීකරණයක් අත්‍යවශ්‍ය සාධක බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම, ප්‍රමාණවත් ජල සම්පාදනය සහ ස්වාභාවික විපත්වලට ඔරොත්තු දෙන වාරිමාර්ග පද්ධති පැවතීම ද ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව ඔහු ප්‍රකාශ කළේය.

ආයෙමත් ණය ගන්නෙත් නැහැ කිව්වා වගේ මතක මට විතරද?
ReplyDelete