ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූ බවටත්, ඒ ගැන නොසලකා හැරිය බවටත් එල්ල වන චෝදනා "පට්ටපල් බොරුවක්" බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අභියෝග කර සිටියේ, කවර හෝ ආයතනයක් නොවැම්බර් 12 වැනිදා නිල නිවේදනයක් හැටියට එහෙම දෙයක් පවසා තිබේ නම්, කරුණාකර එය සභාගත කරන ලෙසයි.
නොවැම්බර් මාසය පුරාවටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිරිපත් කළ වාර්තා තමා සතුව තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසිම තැනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් එබඳු නිවේදනයක් නිකුත් කර නොමැති බව අවධාරණය කළේය.
නොවැම්බර් 12 උදෑසන වාර්තාවක් කොතැනකවත් නිකුත් කර නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවැනි වාර්තාවක් නිකුත් කළහොත් පමණක් එය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ අදාළ ආයතන වෙත යොමු වන බවද හෙතෙම පැවසීය.
කිසිදු නිල කරුණක් නොමැතිව, මන්ත්‍රීවරුන් ගණනාවක් එක්තරා නාලිකාවක අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බවත්, එමෙන්ම එම කරුණු විකෘති කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නොවැම්බර් 12 වැනිදාට පෙර එබඳු කිසිදු වාර්තාවක් නිකුත් වී නොමැති බවට කරුණු දක්වමින්, අමාත්‍යවරයා නිල වාර්තා මෙලෙස පැහැදිලි කළේය.
නොවැම්බර් 25 කැළඹිලි සහිත අඩු පීඩන තත්ත්වය වර්ධනය වීම ආරම්භ විය.
නොවැම්බර් 28 (උදේ 3:00): පීඩන අවපාතයක් පිළිබඳ වාර්තාව නිල වශයෙන් නිකුත් කරන ලදී.
නොවැම්බර් 28 (දවල් 1:00 සහ 4:00): මෙම පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවට වාර්තා කරන ලදී.
නොවැම්බර් 28 (රාත්‍රිය): ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව නිවේදනවල ඇති බවත් පැවසූ ඇමතිවරයා කුණාටුවට ‘දිට්වා’ ලෙස නම් කලේ එදින බවත් පැවසුවේය.

The name ditwha was given on 6.0 UTC or 11.30 AM 27th november
ReplyDeleteDo not worry about the name. A lots of media around world including Sri Lanka weather department informed about this wrather condition, but nobody cares about it. Specialy the government authorities. The victims are the poor ppl in the country.
ReplyDeleteඒකනේ ඒකනේ
ReplyDeleteකුණාටුවට නමක් දාල තිබුනානං අපි ඔය කුනාටුවට ලංකාව පළාතෙ එන්න දෙන්නේවත් නෑ.
රචු චරුව යවල ඕක මූදෙදීම නවත්තල දානවා.
අපේ හතුරො කල්තියා නමක් දැම්මෙ නැති එකේ වරද මිසක් අපේ නොහැකියාව නං නොවේ
අනේ ඔයගොල්ලන්ගේ ටිකිරි මොළේට ඔයිට වැඩිය දෙයක් තේරුම් ගනී කියලා හිතන්න අමාරුයි. අපරාදේ අපේ comment ලියන කාලය
ReplyDeleteMeteorological History of Cyclone Ditwah
ReplyDeleteFormation and Development
Formation Date: November 26, 2025
Initial Development: A well-marked low formed offshore the southeastern coast of Sri Lanka.
Intensification: The system intensified into a deep depression by November 27 and was named Cyclone Ditwah on November 28.
Peak Intensity
Peak Winds: 75 km/h (45 mph) sustained winds recorded.
Lowest Pressure: 1001 hPa (29.56 inHg).
Path and Impact
Landfall: Made landfall in Sri Lanka on November 28, 2025.
Movement: After landfall, it moved into the Bay of Bengal and continued northward.