යලිත් වැසි ඇදහැලේ.. කලා වැවේ වාන් අරී...


 මධ්‍යම පළාතේ සහ උතුරුමද පළාතේ ප්‍රදේශ කිහිපයකට වැසි වැටෙමින් ඇති බව වාර්තාකරුවන් කියා සිටිති.

ධාරානිපාත වැසි නොවැටුණත් තරමක තද වැසි ඇදහැලෙමින් ඇති අතර ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය ප්‍රමාණයේ වැස්සක් පමණක් ඇද හැලේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ ඉදිරි පැය තිස් හය සඳහා නිකුත් කරන ද කාලගුණ අනාවැකියද දක්වන්නේ විටින් විට මෙම ප‍්‍රදේශයන්හි වැඩි  ඇති වෙන  බවය.

මේ අතර කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට කටයුතු කර තිබේ. නමුත් ඉන් ජල ගැලීම් තත්ත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැති බවත් කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කරයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකර ප්‍රදේශයන්හි පස් තට්ටු ජලයෙන් පිරී ඇති නිසා එම ස්ථානවල පොළොවේ ඉරිතැලිම් ඇති නිසාත් ඉදිරි දින කිහිපයේ වර්ෂා ඇතිවුවොත් නැවතත් දැඩි අවදානමක් මතුවිය හැකි බවයි.

එනිසා කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඔවුන් කියා  සිටී.



Previous Post Next Post