ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් 2025.12.08 දින 12:00 වන විට නිකුත් කරන ලද නවතම තත්ත්ව වාර්තාවට අනුව, දිවයින පුරා පවුල් 512,123 ක් ආපදාවෙන් පීඩාවට පත්ව ඇත. මෙම පීඩාවට පත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 1,766,103 කි.
ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 635 ක් වන අතර , අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 192 ක් ලෙස සටහන් වේ.
වැඩිම මරණ සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් (234) වාර්තා වන අතර , වැඩිම අතුරුදන් සංඛ්‍යාව ද මහනුවර දිස්ත්‍රික්කයෙන් (81) වාර්තා වේ.
නිවාස 5,325 ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර , නිවාස 81,163 ක් අර්ධ වශයෙන් හානි වී ඇත.
දිවයින පුරා රැදවුම් මධ්‍යස්ථාන 690 ක් පිහිටුවා ඇති අතර , පවුල් 22,218 ක පුද්ගලයන් 69,861 ක් එහි රැඳී සිටිති
