මුල් මාස අටට ණය බර බිලියන 921කින් ඉහල යයි..

 


රජය විසින් මෙම වර්ෂයේ (2025) අගෝස්තු මාසය අවසානයට ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,660.22ක් බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ජුලි මාසය අවසානය වන විට ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,862.51කි. ඒ අනුව මෙම වර්ෂයේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 202.29කින් අඩු වී ඇත.

එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසය වන විට ගෙවිය යුතු සමස්ත දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,679.49ක් වූ අතර ජුලි මාසය අවසානයට ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,944.36කි. ඒ අනුව ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද රුපියල් බිලියන 264.87කින් අඩු වී ඇත.

2024 වර්ෂය අවසානය වන විට ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,738.70 ක් වූ අතර මෙම වර්ෂයේ මුල් මාස අටට ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 921.52කින් බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

1 Comments

Previous Post Next Post