චැතම් වීදියේ ඉඩමක් 99 අවුරුද්දකට පුද්ගලික ආයෝජකයෙකුට..

 


කොළඹ කොටුව, චැතම් වීදියෙහි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු රූඩ් 02 පර්චස් 14.7 ක ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 වර්ෂයේදී ආයෝජන යෝජනා කැඳවීමට කටයුතු කරනු ලැබ ඇතත්, ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු ඉදිරිපත්ව නොමැත. 

එබැවින්, ප්‍රශස්ත භාවිතයක් මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීමේ අරමුණින් එකී ඉඩම් කොටස සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් නැවත සංවර්ධන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. 

ඒ අනුව, එකී ඉඩම් කොටස, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක් සේරුව මත පදනම්ව, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 99 ක කාලයකට බදු පදනමින් ලබා දීමට හැකි වන පරිදි රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2 Comments

  1. අපි එතන දාමු කෝලිකුට්ටුවෙ නැට්ට හයි කරන පැක්ටරියක්

    ReplyDelete
  2. Niyamaai ...... Good Idea ..........

    ReplyDelete
Previous Post Next Post