ආපදාවට පත් වූවන්ට කල මූල්‍ය ආධාර බලන්න වෙබ් අඩවියක්...


 ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූවන්ගේ සහන කටයුතු සඳහා ගෝලීය ප්‍රජාව, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ලොව පුරා සිටින පුරවැසියන් විසින් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බැංකු ගිණුම් වෙත ලබා දෙන හදිසි මූල්‍ය ආධාර වෙනුවෙන් නමින් donate.gov.lk ලිපිනය සහිතව නිල ජාතික වෙබ් අඩවිය - 'ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා' (Stand With Sri Lanka) හඳුන්වා දී තිබේ.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් රට පුරා විශාල විනාශයක් සිදුවී ඇති අතර, එයින් දහස් ගණන් පවුල් අවතැන් වී, නිවාස විනාශ වී, ආහාර, පිරිසිදු ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමේ අපහසුතා මතුව ඇත. ඒ අනුව මෙම නිල වෙබ් අඩවියට පිවිස, විපතට පත් ප්‍රජාවන් නැවත ගොඩ නැගීම සඳහා මෙම ගිණුම් වෙත යොමු කෙරෙන සියලු මූල්‍ය දායකත්වයන් ආරක්ෂිතව සහ විනිවිදභාවයෙන් යුක්තව ලබා දීමේ ක්‍රමවේද මගින් සිදු කළ හැක.

මෙම මූල්‍ය දායකත්වයන්ගෙන් 100%ක්ම විපතට පත් පවුල්වලට සහාය වීම සඳහා සම්බන්ධීකරණය කරන ලද රජයේ හදිසි සහන මෙහෙයුම් සඳහා සෘජුවම යොමු කරනු ලබන අතර, අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමටත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සහ තුවාල ලැබූවන් සහ අවදානමට ලක් වූ ජනතාව සඳහා හදිසි වෛද්‍ය ආධාර මෙන් ම සියල්ල අහිමි වූවන් සඳහා තාවකාලික නවාතැන් සහ සහන කට්ටල ලබා දීම සඳහා යොදවනු ලැබේ.

ඒ අනුව සියලුම මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දීම පිළිබඳ නිවැරදි සත්‍ය තොරතුරු ඇතුළත් ගිණුම් විස්තර මෙම නිළ වෙබ් අඩවියට පිවිස දැන ගැනීමේ හැකියාව පවතී.

Previous Post Next Post