නාවලපිටිය මහනුවර මාර්ගය සතියක් ඇතුලත විවෘත කරනවා..- හමුදාපති


 නායයෑමෙන් අවහිර වී ඇති නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගය සතියක් ඇතුලත වාහන ධාවනයට විවෘත කරන බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසීය.

නායගිය නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට (04) දින පස්වරුවේ යුධ හමුදාපති ලුතිනල් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා එක් වෙමින් ඒ බැව් පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුධ හමුදා බට පිරිස් විසින් එම මාර්ගයේ පිලිසකර කිරිමේ කටයුතු සිදු කරන අතර, යුධ හමුදාපතිවරයා නිරික්ෂණයට එක් වී සිටියදි මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසංහ මහත්මියද එම ස්ථානයට පැමිණ යුධ හමුදාපතිවරයා සමග සාකච්ඡා කරනු ලැබීය.

රංජිත් රාජපක්ෂ              

1 Comments

  1. මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //

    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
    රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
    මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //

    මල් සුගන්දේ ....

    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
    දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
    ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //

    මල් සුගන්දේ ....

    මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
    මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
    ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //

    ReplyDelete
Previous Post Next Post