මන්දාර නුවර ප්‍රදේශයේ සහනාධාර බෙදාදීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී එම ප්‍රදේශයේ ජනතාව විසින් මන්දාරත්නුවර පොලිසියට විරෝධය එල්ල කරන බවට සඳහන් කරමින් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් සංසරණය වන බව නිරීක්ෂණය වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධව ස්ථානාධිපති මන්දාරත්නුවර මඟින් වාතාවක් කැඳවීමට කටයුතු කල අතර එම වාර්තාව අනුව පහත කරුණු පැහැදිලි කිරීම සිදු කරයි.
පසුගියදා රට තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මන්දාරත්නුවර පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම නායයාමට ලක් වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සුරක්ෂිත කඳවුරුවල ස්ථානගත කර ඇත.
ආපදා තත්ත්වයට පත්වූ මහජනතාවට ලබාදෙන සහනාධාර මහා මාර්ගයේ ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් ගුවන් යානා මඟින් රැගෙන ඒමට කටයුතු කර ඇත. එසේ රැගෙන එන භාණ්ඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසු බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇත. ගුවන්යානා ගොඩ බෑමේදී එහි ආරක්ෂාව සහ මහජනයාගේ ආරක්ෂාව සඳහා මන්දාරත්නුවර ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා පොලිසිය මැදිහත්වීමක් සිදු නොවුණු බවට ස්ථානාධිපති විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත.
2025.12.07 වන දින මන්දාරනුවර පොලිසිය අවට පදිංචි පවුල් 50 ක පමණ පුද්ගලයින් 150 ක 200 ක පමණ පිරිසක් විසින් ගුවන් මඟින් රැගෙන එන ලද ද්‍රව්‍ය ග්‍රාම නිලධාරීන් හට භාරගැනීමට ඉඩ නොදී පාසලක ගබඩා කර ඉබියතුරු දමා ඇත. එහිදී සාමය කඩවීමක් සිදු නොවීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කර ඇති අතර, මන්දාරත්නුවර ස්ථානාධිපති විසින් ඒ පිළිබඳව ප‍්‍රාදේශිය ලේකම්තුමිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී මන්දාරත්නුවර ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කර පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂාකාරීව පිටත් කර හැරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පිරිසක් පොලිසිය අප්‍රසාදයට ලක්වන ආකාරයට කෑ කෝ ගසමින් එම අවස්ථාවන් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැරීමට කටයුතු කර ඇති බවට දන්වා ඇත.
මන්දාරම් නුවර ග්‍රාම නිලධාරී කාර්යාලයේ ස්ථාපිත කර ඇති සේවා පියස හා මන්දාරත්නුවර පොලිස් ස්ථානය එකම භූමියක තේ කම්හලක් ඉදිරිපස කොටසේ පිහිටා ඇති බවත්, මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේ කළහකාරීව හැසිරුණු පිරිස කිසිඳු අවස්ථාවක පොලිස් ස්ථානයට ඇතුළුවීමක් සිදු වී නොමැති බවද ස්ථානාධිපති මන්දාරත්නුවර විසින් වාර්තා කර ඇත.
මන්දාරනුවර ග්‍රාම නිලධාරී කාර්යාලය හා පොලිස් ස්ථානය එකම භූමියක පිහිටා ඇති බැවින් පොලිස් ස්ථානය මහජනතාව විසින් වැටලූ බවට වැරදි අදහසක් ඇතිවීමට සහ එවැන්නක් හුවා දැක්වීමට මෙවැනි වීඩියෝ මඟින් අවස්ථාව සැලසෙන බව නිරීක්ෂණය වී ඇත.
රට තුළ උද්ගත වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ පැය 24 පුරාම මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට මෙන්ම මහජනයාගේ සුබසාධනය උදෙසා කැපවීමෙන් කටයුතු කල සහ මේ වන විටත් එම කටයුතු සිදු කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිරූපය කෙරෙහි වැරදි මතයක් සමාජගතවීමක් මෙමඟින් සිදුවන බව කණාගාටුවෙන් සඳහන් කරයි.

ඔව්ව ග්‍රාම සේවකට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. අඩු තරමේ උප දිසාපති මැදිහත් වෙන්න ඕන.
ReplyDelete