ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවකදී රාජ්‍ය සේවකයන්ට, විශේෂයෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබා දිය යුත යයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇත.
එම යෝජනා අතරට පහත සඳහන් කරුණු ඇතුළත් වේ.
- පීඩාවට පත් ග්‍රාම සේවා කොට්ඨාස සඳහා සහන සැලසීම සහ ව්‍යාපාරිකයන් සඳහා මාස හයක කාලයක් වෙනුවෙන් පොලී රහිත බැංකු ණය සහ ලීසිං සහන ලබා දීම.
- අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි තීරණය කිරීම සහ සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා අවම හා උපරිම වන්දි සීමාවන් නියම කිරීම.
- හානියට පත් නිවාස බිත්ති නැවත ගොඩනැගීම සඳහා වර්ග අඩි ප්‍රමාණයට සමානුපාතිකව මූල්‍ය ආධාර සැපයීම.
- ගොවීන් සඳහා බෝග හානි වෙනුවෙන් සහන ලබා දීම.
- හානියට පත් දේපළ යළි ගොඩනැගීම සඳහා නව වැලි පොලවල් වලින් වැලි මුදා හැරීමට අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීම.
- අනවශ්‍ය නීතිමය ආරවුල් වළක්වා ගැනීම සඳහා වැලි නිස්සාරණය හා ප්‍රවාහනය සම්බන්ධ සීමා ලිහිල් කිරීම.
අබේවර්ධන මහතා සඳහන් කළේ ආපදා කළමනාකරණ කටයුතු කාර්යක්ෂම කිරීමට සහ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට මෙම යෝජනා අත්‍යවශ්‍ය බවයි.

ඔය සියල්ල දත් මාලිමාවෙ උන්ට කියල දෙන්න යන්න එපා. උන් හොඳටම කරනව කියල ඔය ඩෝබිලා හෝදගෙන යන්නේ ලස්සනට. මේ පහත් මිනිස්සු රට අරගෙන රටට ව්‍යසන වලින් කිසිම අඩුවක් නෑ දැන්. ධාර්මික මනුස්සයෙක් නායකත්වය ගත්තා නම් අද වෙනකොට රටට රුපියල් බිලියන 3000ක් ඉතුරුයි. රටේ මිනිස්සු හූරගෙන කාලා බදු ගහලා ගත්තු සල්ලි ඔක්කොම වතුරේ ගියා.
ReplyDeleteධාර්මික එකෙක් අරන් කරනකොට පුප කහන්න වගේ ගන්නවනේ. මොකෙක් හරි පාහරම සක්කිලියෙක්ට තමයි රට අරන් දෙන්න ඕන වුනේ. ගොඩක් මිනිස්සු රෙදි ඇඳන් හිටියට ඇතුලේ ඉන්නේ වල් පාහර සතෙක් නේ. ඒ සතාට ඕන ගුණගරුක උන් නෙමේ. සතෙක් නායකයා කරගෙන සතෙක් වගේ ජීවත් වෙන්න. ඒකයි මේ රටට වෙලා තියෙන්නෙ.
Deleteme yana widiha hondai , upades anawashyai ..
ReplyDeleteමල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
ReplyDeleteසම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //
මල් සුගන්දේ ....
රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //
මල් සුගන්දේ ....
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //