වටවල ගෙවල් පැලෙයි.. පවුල් රැසක් ඉවත් කරයි..


ඊසාන දිග මෝසම ශක්‍රිය විමත් සමග අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වැලිඔය වතුයායේ වතු නිවාස පේලියක් නාය යාමේ අවදානමකට ලක් විමත් සමග 13වන දින එහි පවුල් 20ක් තාවකාලිකව එම නිවාසවලින් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

වැලිඔය වතුයායේ වතු නිවාස පේලියක වතු නිවාස කිපයක් ඉරි තැලිමත් සමග එම නිවාසවල පදිංචිකරුවන්ගේ ආරක්ෂාව පිනිස එම නිවාසවල පදිංචි පවුල් 20ක සමාජිකයන් 75 දෙනකු එම නිවාසවලින් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

එම නිවාසවලින් ඉවත් කරන ලද පිරිස් තාවකාලිකව දඩුකැලේ විදුහලේ ආරම්භ කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථානයේ රදවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් සලසා දිමට අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පියවර ගෙන ඇත. 

මනුර සුදත් සෙල්ලහේවා

Previous Post Next Post