ආපදා විපතට ජපානයෙන් ලොකුම ලොකු ප‍්‍රදානයක්..

 


දිවයින තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි මූල්‍ය ආධාරයක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙම මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලෝක ආහාර වැඩසටහන (WFP), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) ජාත්‍යන්තර සංවිධාන තුන වෙත පවරා ඇත.

ආපදාවෙන් දැඩි බලපෑමට ලක්වූ කෑගල්ල, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

අදාළ දිස්ත්‍රික්කවල තෝරාගත් පවුල් 615 ක් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ උපකරණ කට්ටල සැපයීමට නියමිතය.

මෙම සමස්ත ප්‍රදානයෙන් ඩොලර් මිලියනයක මුදලක් ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) හරහා වෙන් කෙරෙන අතර, එමඟින් අවශ්‍ය භාණ්ඩ, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ නිදන කාමර උපකරණ ඇතුළත් කට්ටල ජනතාව වෙත බෙදා දෙනු ඇත.

Previous Post Next Post