හැටන් නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් සදහා නල්ලතන්නිය සිට ශ්‍රිපාද මළුව දක්වා සුළු කණ්ඩායම් ලෙස ගමන් කිරිමට අවස්ථාව ලබා දිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය
පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නල්ලතන්නිය ශ්‍රිපාද මහා මළුව මාර්ගයේ මහගිරිදබය
අසල ඇතිවු නාය තර්ජනයක් මත මෙම මාර්ගයේ ගමන් කරන වන්දනාකරුවන් සිමා කිරිමට පියවර
ගෙන ඇති බවත් මේ වන විට දිනකට වන්දනාකරුන් දෙසියක් තුන්සියයක් පමන පැමිනෙන බවත් එම
තත්වයන් මත එම පිරිසට කණ්ඩායම් ලෙස මෙම මාර්ගය ඔස්සේ ශ්‍රිපාද මහා මළුව දක්වා ගමන්
කිරිමට පහසුකම් සලසා ඇති බවත්ය.
යම් හෙයකින් මෙසේ පැමිනෙන වන්දනාකරුවන් වැඩි වුවහෝත් එම
වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඉදිකටු පාන අසලින් රත්නපුර මාර්ගය ඔස්සේ
ශ්‍රිපාද මහා මළුව දක්වා හරවා යැවිමට පියවර ගෙන ඇති බවත්ය.
මේ වන විට නායයාමේ අවදානමට ලක්වු ප්‍රදේශය යුධ හමුදාවේ
පිරිස් විසින් පිලිසකර කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත තවත් සතියක දෙකක
කාලයක් තුලදි එම පිලිසකර කිරිමේ කටයුතු නිමවිමෙන් පසුව නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාද
මහා මළුව දක්වා පෙර පරිදි වන්දනා කිරිමට හැකිවන බවද එම නිලධාරියා වැඩි දුරටත්
පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා
