කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක...

 


"දිට්වා" කුණාටුවෙන් රට පුරා ඇති වූ දැඩි අයහපත් තත්ත්වය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආයෝජකයන් තුළ ඇති වූ අලෙවි පීඩනයත් අවිනිශ්චිතභාවයත් සමගින් අද (01) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම සියයට 3කට ආසන්න අගයකින් පහත වැටුණි.

ASPI දර්ශකය අද දින ලක්ෂ්‍ය 690කට වැඩි අගයකින් පහළ ගොස් ඇති අතර, S&P SL20 දර්ශකයද ලක්ෂ්‍ය 181කට අධික අගයකින් පහළ ගොස් ඇත.

ගණුදෙනු වූ කොටස් ප්‍රමාණය 236,404,106ක් වන අතර ‍ඒහි පිරිවැටුම රුපියල් 5,236,242,025.15කි.

දර්ශකයඅවසන් අගයවෙනස (ලක්ෂ්‍ය)වෙනස (%)
සියලු කොටස් මිල දර්ශකය (ASPI)22,022.06-690.76-3.04%
S&P SL20 දර්ශකය6,085.87-181.16-2.89%

ගංවතුර තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ අලෙවි කිරීමේ උනන්දුවක් දක්නට ලැබුණි. ප්‍රධාන වශයෙන් මූල්‍ය අංශයේ කොටස් සහ අනෙකුත් තෝරාගත් කොටස් කඩාවැටීමට ලක්ව ඇත.

කෙසේ වෙතත්, සුළි කුණාටුවෙන් සිදු වූ පුළුල් හානියෙන් පසු ඉදිරියේදී සිදුවිය හැකි නැවත ගොඩනැඟීම් අපේක්ෂාවෙන්, ගොඩනැගිලි අංශයේ කොටස් (Construction Sector) ආයෝජකයින්ගේ අවධානයට ලක්ව තිබේ.

Previous Post Next Post