ඩයගම සිට කොළඹ දක්ව ධාවනට වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙකු ගැටී ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම මගියාද මිය ගොස් ඇත.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ
දිඹුල පතන මංසන්ධියේදීය.
ඩයගම
සිට කොළඹ දක්ව ධාවනය වූ බස් රථයේ රියදුරුට විවේක ගැනීම සදහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ
දිශාවේ නතර කල අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකුද බස් රථයෙ පසුපස දොරෙන්
ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවහනය
කිරිමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
ලොරි
රථයේ රියදුරා දිඹුගල පතන පෙලෙසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරාට
නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන
පොලිසයේ රථවාහන අංශයේ නිළධාරියෙකු කියා සිටියේ.
මිය
ගිය මගියා සහ තුවාල ලැබූ අනිත් මගියා ලිදුල මෙරායා වත්තේ පදංචිකරුවන් බවත්, එම
මගීන් දෙදෙනා කොළඹ යෑම සදහ ලිදුල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති බවයි දිඹුළ පොලිසියේ
නිළධාරියෙකු වැඩි දුරටත් කියා සිටියේ.
අනතුරින්
මිය ගොස් ඇත්තේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නැමති 25 හැවිරිදි
තරුණයෙක් සහ අනෙක් මගියාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නෙමැත.
ලංගම
බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවේ ගාල් කිරිම සමබන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරාද
සැකපොට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම හැටන් මහේස්ත්‍රාත්
අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පැවසීය.
රංජිත් රාජපක්ෂ

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයෙ රියදුරුද ඵහෙම නැත්නම් ලොරි රථය රා බී ඇතිද යන්න වහාම පරීක්ෂණයක් කිරීමට සපුගස්කන්ද පොලීසියට පවරන්න.ස්තූතියි
ReplyDelete