පුද්ගලයින් නව දෙනෙකු රැගත් පෞද්ගලික ජෙට් යානයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් (Palm Beach County) හි ජනාවාස කලාපයකට කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු තහවුරු කරති.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්-බර්ග්ස්ට්රෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගමන් ආරම්භ කර තිබූ ‘ලියර්ජෙට් 60’ වර්ගයේ මෙම පෞද්ගලික ගුවන් යානය බහමාස් රාජ්‍යයේ නෝර්ත් එලුතෙරා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
ෆ්ලොරිඩාවේ ක්රෙස්ට්හැවන් ප්‍රදේශය ආසන්නයේ පිහිටි නිවාස සංකීර්ණයක් අසලට යානය කඩා වැටී තිබේ.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස අවට පදිංචිකරුවන් 600 කට ආසන්න පිරිසක් වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. යානය ගොඩබිම පිහිටි ජනාවාසයක් මතට පතිත වුවද, පොළොව මට්ටමේ සිටි කිසිදු ප්‍රදේශවාසියෙකුට ජීවිත හානි සිදුව නොමැති බව බලධාරීහු තහවුරු කරති.
මූලික විමර්ශනවලට අනුව, ගුවන් නියමුවා විසින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මඳ වේලාවකට පෙර, ගුවන් යානයේ පියාපත් හෝ බඳෙහි අයිස් තැන්පත් වෙමින් පවතින බව සහ මධ්‍යස්ථ මට්ටමේ කැලඹිලි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව ගුවන් ගමන් පාලක මැදිරිය වෙත වාර්තා කර ඇත. ඊට සුළු මොහොතකට පසු යානය ක්ෂණිකව සහ වේගයෙන් පොළොව දෙසට ඇදී ගොස් ඇති බව ගුවන් ගමන් පාලන හඬ පටමගින් අනාවරණය වී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) පූර්ණ සහාය ඇතිව, ඇමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතත්, යානය කඩා වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගුවන් ආරක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ, අධික ශීත කාලගුණය පවතින අවස්ථාවලදී ගුවන් යානාවල බඳෙහි අයිස් තැන්පත් වීම හේතුවෙන් යානයේ වායුගතික සමතුලිතතාව බිඳවැටී එන්ජින් හෝ පියාසැරි පාලනය අක්‍රිය වීමේ බරපතළ අවදානමක් පවතින බවයි.
ලොව ප්‍රචලිත මධ්‍යම ප්‍රමාණයේ සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක් වන 'ලියර්ජෙට් 60' යානයක සිදුවූ මෙම අනතුරට හේතුව තහවුරු කරගැනීම සඳහා ඉදිරියේදී යානයේ පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය හෙවත් කළු පෙට්ටිය ආශ්රිත දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමට නියමිතය.
Tragic Plane Crash in Florida Claims Lives of All Onboard
A private jet carrying ten individuals has tragically crashed in a residential area of Palm Beach County, Florida, with authorities confirming that there are no survivors among the passengers.
The incident involved a 'Learjet 60', which had departed from Austin-Bergstrom International Airport in Texas and was en route to North Eleuthera Airport in the Bahamas when it encountered difficulties.
The aircraft crashed near a housing complex in the vicinity of Cresthaven, causing immediate concern among local residents. Emergency services and disaster management teams promptly arrived on the scene, leading to the evacuation of approximately 600 nearby residents as a precautionary measure. Despite the aircraft landing on a residential building, authorities have affirmed that no injuries occurred on the ground.
Preliminary investigations indicate that prior to declaring an in-flight emergency, the flight crew reported ice accumulation on the wings or fuselage, along with turbulent weather conditions at cruising altitude. Subsequent audio transmissions from air traffic control revealed that the aircraft suddenly descended towards the ground at a rapid pace.
The National Transportation Safety Board (NTSB), with full support from the Federal Aviation Administration (FAA), has initiated a comprehensive investigation into the accident. However, the exact cause of the crash remains under investigation.
Aviation safety experts highlight the significant risks associated with ice accumulation on aircraft during severe cold conditions, which can disrupt aerodynamic balance and lead to engine or control failures.
This incident involving the well-known medium-sized luxury jet, the 'Learjet 60', is set to undergo further scrutiny, with the flight data recorder—commonly referred to as the "black box"—expected to provide critical insights into the crash.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
