සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට වෙනුවෙන් ලබා දෙන ලද සහනාධාර මලු අලෙවි කිරීමේත් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.
කොළඹ ආසන්න ප්‍රදේශවලට බෙදා දුන් සහනාධාර මලු අලෙවි කර ඇතැයි මේ වන විටත් පැමිණි කීයක් කීපයක් ලැබී ඇති බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.
මේ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.
