අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නැගීමට සූදානම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිදු හැදෑරීමකින් තොරව හිතුමතේට හඳුන්වා දී ඇති බවත් එමඟින් මෙරට ළමා පරපුර විනාශයට ඇද දමන බවත් සර්වජන බලය උපසභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.
වාර විභාග සහ ඇගයීම් අහෝසි කිරීම මගින් ළමුන් මෙන්ම ගුරුවරුන් ද අයාලේ යන තත්ත්වයට පත්වන බව ඔහු පවසයි. එමඟින් කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය විනාශ වන බවත් ඇති හැකි අය පමණක් විදේශ විෂය මාලා අන්තර්ජාතික පාසල්වල හදාරා ඉහළට යන තත්ත්වයක් උදා වන බවත් ඔහු පවසයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට පැමිණි ජනාධිපතිවරයා අගමැතිනියට මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ඉඩදී බලා සිටීම විමතියට කරුණක් බව ද ඔහු පැවසීය.
විජාතික මෙහෙයවීම මත ඉතිහාසය අත්‍යවශ්‍ය නොවන විෂයයක් කිරීම, බුදු දහම විකෘති කොට ඉගැන්වීම මෙරට ඓතිහාසික උරුමයට නිගා කිරීමක් බවත් යෝජිත ප්‍රතිසංස්කරණ වහා නවතා ප්‍රමාණවත් සංවාදයකින් පසුව, සංශෝධනය කර පමණක් ක්‍රියාවට නංවන ලෙසත් ඔහු පවසයි.
එසේ නොමැතිව අත්තනෝමතික ලෙස මෙම යෝජනා ක්‍රියාවට නැංවීමට කටයුතු කළහොත් සර්වජන බලය දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහෙමද පැනි සුමනේ? කුන්ඩලීනි මුට්ටියක් ගඟේ දාලා වත් ගොඩ දාගන්න බැරිවෙයිද?
ReplyDeleteඇයි යකෝ නලින්දය වට්ටි උස්සන් ගියා දැක්කෙ නැද්ද?
Deleteමේ ගෑනි අපි මෙච්චර අමාරැවෙන් හදපු ආණ්ඩුව විනාශ කරනවා. අනුර සහෝදරයවත් කනවා..
ReplyDeleteවිසය පතය ලෝකයට ගැලපෙන විදියට දියුනු කරන එක කරන්න. වෙන ලබ්බවල් කරන්න දගලන්නෙ නැතුව.
ReplyDelete