රන්වලට විනය ක‍්‍රියාමාර්ග...

 


හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පක්ෂය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව දෙරණ නාලිකාවේ විකාශය වූ "360" වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

උපාධිය සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කර ඇති බවට හෙළිදරව් වුවහොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයකට යා යුතු බවට ඔහු සදහන කළේය.

මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න විමසා සිටියේ අශෝක රන්වල මහතා විසින් උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සඳහා කථානායක ධුරයෙන් ඉවත්වී වසරක් ගත වී ඇති නමුත්, තවමත් එම සහතිකය ඉදිරිපත් කර නොමැති වීම සම්බන්ධයෙන් පක්ෂය ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

ඇමතිවරයා වසරකට පෙර ප්‍රකාශ කර තිබුණේ, රන්වල මහතා කථානායක ධූරයෙන් ඉවත්වූයේ එම සහතිකය ඉදිරිපත් කර ගැනීමට නොහැකිවීම නිසා මිස, උපාධිය සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් නොවන බවත්, ඔහු ඉක්මනින් එය ලබාදෙනු ඇති බවත්ය. 

ඒ ගැන විමසීමේදී  ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමා එම ප්‍රකාශය කළේ රන්වල මහතා විසින් පක්ෂයට ඒ මොහොතේදී පැවසූ කරුණු මත පදනම්ව බවයි.

කෙසේ වෙතත්, වසරක් ගතවී ඇති තත්ත්වය යටතේ උපාධි සහතිකය තවමත් ඉදිරිපත් කර නැති නිසා, ඔහු එවැනි උපාධියක් ඉදිරිපත් කර නොතිබීම නිසා, එම උපාධියක් නැද්ද යන සැකය මතුවීම ඉතාම සාධාරණ බව ඇමතිවරයා පිළිගත්තේය.

අශෝක රන්වල මහතා හදිසියකදී හෝ වංචනිකව 'ආචාර්ය' යන නාමය පාවිච්චි කර එම තනතුර භාර ගත්තේ නම්, එය ජනතාව ඉදිරියේ සිදු කළ වරදක් බව ඇමතිවරයා පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ට ඡන්දය දුන් හෝ නොදුන් සියලුම ජනතාවගේ විශ්වාසය හා මතයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි,. එම නිසා, ජනතාවගේ මතයන් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් පියවර ගන්නා බව ඔහු තහවුරු කළේය.

ඇමතිවරයා සඳහන් කළේ: "හදිසියවත් ඔහුට එවැනි අවස්ථාවක ඔහු වංචනික ලෙස කටයුතු කරලා තියෙනවා නම්, ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයකට යාම කළ යුතු දෙයක්" බවයි. කෙසේ වෙතත්, මේ මොහොතේම තීරණයක් ප්‍රකාශ කළ නොහැකි බවත්, මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ඔහු කියා සිටියේය.

11 Comments

  1. රන්වල පර බල්ලා ගේ ගූ කප්පරක් කාලා පඩේ ගඳ සුවඳ ගැන කතා කරලා වැඩක් නෑ නලින්ද. අස්සයා පැනලා ගියාට පස්සේ ස්තාලය වහලා වැඩක් නෑ ගෝතයෝ. තක්කඩි රන්වල කපයට විනේ තකන්න තිබුනේ ඌ හොර උපාදි කේස් එකට අහුවුනාට පස්සේ . ඌ රීලා තොපේ මූනවල් වලත් උලලා ඉවරයි දැන් ආයෙත් ඡන්දෙකට ගියාම තොපිට වෙන දේ බලපන්කෝ උද්දච්ච මරි මෝල් පොල් බූරු හැත්ත.

    ReplyDelete
    Replies
    1. එන්න සොයුර, අපි දැන් පොන්නමල් ගෙ ගූ කමු. අත් දෙකෙන්ම අරං චව් චව් ගාලා

      Delete
  2. What about you man ? He is drunk but you are killing innocent.people.in our country due to medicine that you approved by you. Anura & Lal killed 600.plus innocent people in past few weeks Are you all getting same punishment?

    ReplyDelete
    Replies
    1. අනේ හුත්තො, කුණාටුව ආවේ උඹේ අම්මගෙ රෙද්ද අස්සෙන් ද? කලින් කියන්න?

      Delete
    2. අනේ හුත්තො,
      මේ ආන්ඩුවේ උන් මෙච්චර විනාසයක් වෙන්ඩ ඉඩ ඇරිය, ද්විත්වා කුණාටු වෙන් පූර්ව සුදානමක් නොමැතිව ජනතාව විපතට පත්කලා.ඒමදිවට රෝහල් ගත වූවමත් බාල බෙහෙත් ගහලා ජනතාව මරණවා.

      Delete
    3. ජන ඝාතන ආණ්ඩුව පලවා හරිමු

      Delete
    4. තිරිසන් සතෙක්ටවත් ඉන්න දුන්නෑ මේ ආන්ඩුව මේක කවදාවත් ජනරජයක් ලෙස ඉතිහාස ගත වෙන්නෑ මේ ආණ්ඩුව. සතා සිව්පාවගෙ පවා සාප වදිනවා, අඩු කුලේ උන්ට රජ පුටු දෙන්න එපා කියන්නෙ එදා ඉදින් නිකන් නෙමෙයි.

      Delete
    5. සට්ටැඹිකම් කළාට කමක් නෑ.කතාකරන්න ඉගෙන ගන්න.

      Delete
  3. උනුත් එකයි මුන් ඊට එහා

    ReplyDelete
  4. මාලිමා ඩෝබීලාට බොහොම අමාරු කාලයක්..! 😂

    ReplyDelete


  5. රට හැදිගෑවිලාම ගියා

    ReplyDelete
Previous Post Next Post