හැටන් දික්ඔය නගර සභාව මගින් කසල වෙන් කර තබා ගැනිම සදහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවි කර තිබූ කසල බදුන් වලට (27) දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා කසල වෙන් නොකර එම කසල බදුන් අසල දමා ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා (28) දින පැවසීය.
විධිමත්
ආකාරයෙන් කසල වෙන්කර ලබා ගැනීම සදහා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් දැනුවත් කර නගර
සභාව මගින් කසල බදුන් සවිකල බවත්, එසේ සවි කල කසල බදුන් විනාශ කරන පුද්ගලයන්ට
එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හැටන් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කල බවයි
සභාපතිවරයා කියා සිටියේ.
ගිනි
තබා තිබු කසල තොග නිවා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවන් කටයුතු කලහ.
රංජිත් රාජපක්ෂ

මේකනම් ජරා වැඩක්
ReplyDelete