සුළි කුණාටුවට ගෙනා පනතින් සමලිංගිකයන්ට මරණ දඬුවම..?


සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පාලනය කිරීමට යැයි පවසමින් රජය පැනවූ හදිසි නීති රෙගුලාසි මගින්, සමරිසි පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට කටයුතු කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.

පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ 2024 නොවැම්බර් 28 වැනිදා ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කළ හදිසි අවස්ථා රෙගුලාසි තුළ, දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365අ සහ 365ආ වගන්ති යටතේ ගැනෙන වැරදි සඳහා මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි බව සඳහන් වන බවයි. මෙම වගන්ති මගින් කියැවෙන්නේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ සමාන ලිංගික පුද්ගලයන් අතර සිදුවන ලිංගික ක්‍රියා පිළිබඳව බවත්, සුළි කුණාටුවක් පාලනය කිරීමට මෙවැනි රෙගුලාසි ඇතුළත් කිරීම විහිළුවක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ආණ්ඩුව කළ යුතුව තිබුණේ 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත යටතේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වුවද, ඒ වෙනුවට හදිසි නීතිය (මහජන ආරක්ෂක පනත) ක්‍රියාත්මක කළ බව ජයගොඩ මහතා පෙන්වා දෙයි. මෙහි අරමුණ ආපදාවට පත් ජනතාවට සේවා සැපයීම නොව, රජය විවේචනය කරන පුද්ගලයන් බිය ගැන්වීම බව ඔහු පවසයි.

මෙම රෙගුලාසි මාසයකින් අවලංගු වීමට නියමිතව තිබියදී, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දෙසැම්බර් 21 වැනිදා ලිපියක් නිකුත් කරමින් ආපදා තත්ත්වය අවසන් බව පවසා ඇති බවද  දස දහසකට ආසන්න පිරිසක් තවමත් අවතැන් කඳවුරුවල සිටියදී එවැනි තීරණ ගැනීම සහ සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බව ඔහු පෙන්වා දෙයි.

5 Comments

  1. Who think this much
    විමල් වීරවන්සගෙ මෙහෙයවන මේ සයිට් එක සමලින්ගිකයන් ගැන පුදුම උනන්දුවකින් කටයුතු කරන්නේ😂😂😂😂
    විමල්ට මෙච්ච්‍ර උනන්දුවක් දක්වන එක ලොකු සැකයක් තියෙනවා මූගේ ගෙදර කොල්ලෙක් මැරුනා නේද?😅😅😅

    ReplyDelete
    Replies
    1. ආ මේ අර රතු සමනල් ලුම්පන් වාමාංශික කුලී ලියන්නේක් නේද?ඕවා දැන් market වෙන්නේ නෑ බං

      Delete
    2. වල පැත්තේ මී 🐄 ගවයෙක්

      Delete
  2. සමලිංගික nam lankacnews 🥴🥴🥴

    Lankacnews = Wimal weerawansa

    ReplyDelete
    Replies
    1. වලපැත්තෙ පච මී හරකෙක් 🐂

      Delete
Previous Post Next Post