කොස්ගම වෙඩි තියයි...

 


කොස්ගම පොලිස් වසමේ බොරළුගොඩ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 40 ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 04 ක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Previous Post Next Post