මස්කෙළිය පොලිසිය විසින් සිදු කරන ලද හදිසි වැටලීමකදී රුපියල් 45,000කට අධික වටිනාකමකින් යුත් ගංජා පැකට් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මස්කෙළිය නගරයේදී පොලිසිය
වැටලීමක් සිදු කර
සැකකරුවන් කොටු කර ගැනීමට සමත් වී තිබෙ ,
සැකකරුවන්
සිව්දෙනා මස්කෙළිය
සහ සාමිමලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් එක් අයෙකු
දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති
අතර මස්කෙළිය පොලිසිය
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
සැකකරුවන්
හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ආර්.එෆ්.එම්.සුහෙල්

සල්ලි වලපැත්තට
ReplyDelete