යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින "යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ" කටයුතු සැලසුම් කළ පරිදි දැනට සාර්ථකව සිදු වෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
පසුගියදා බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවත්, ඒ හේතුවෙන් 2026 ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු පරීක්ෂණාත්මක තරගය ඇතුළු කාලසටහන්ගත වැඩසටහන්වලට බාධා එල්ල වූ බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ලෝක කුසලානයෙන් පසු පරීක්ෂණාත්මක තරග නැවතත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සත්කාරකත්වය දරන 2026 පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව අදාළ පරීක්ෂණාත්මක තරගය පැවැත්වීමට නියමිතය. නියමිත කාලරාමුව තුළ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු අවසන් කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි විශ්වාසය පළ කරයි.
අක්කර 48 ක වපසරියක ක්‍රීඩාංගණය ඉදිවේ. ක්‍රීඩාංගණය මධ්‍යයේ තණතීරු 10 ක් ඇතුළත් වේ. ක්‍රීඩාංගණයේ සීමා මායිම් මීටර් 80 ක් දක්වා විහිදේ.
මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම, යාපනය ප්‍රදේශයේ අක්කර 138 ක භූමි භාගයක් ආවරණය වන පරිදි "ක්‍රීඩා නගරයක්" නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුළුල් දැක්මෙහි එක් පියවරකි.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ "ජාතික ක්‍රීඩක ගමන්මග" ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

රෙද්දෙ රෙවිලා හැබැයි කයිය එහෙමමයි
ReplyDeleteoh yes it was a pool & it good for swimming .
ReplyDelete