ලිංගිකත්වය වෙනස් කරන්න රජයේ රෝහල්වල ශල්‍යකර්ම...


දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් එහි ප්‍රධාන ලේකම්  වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව රෙජිස්ටර් ජනරාල් වරයා වෙත  සහ සෙෘඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සංක‍්‍රාන්තික ලිංගික ප‍්‍රජාවගේ උප්පැන්න සහතික වල නම සහ ස්ත‍්‍රි/පුරුෂ භාවය සංශෝධනය කිරීම යන ශීර්ෂය රැගත් අංක 06/2016 දරණ චක‍්‍රලේඛය සම්බන්ධයෙන් යොමුකරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

(1) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන 2015.06.16 දිනැති අංක 01-34/2016 දරණ චක්‍රලේඛය.

ඉහතින් සඳහන් කර තිබෙන චක්‍රෙල්බය මගින් (වෙනත් දෑ අතර)

(අ) උපතින් ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු හෝ ලෙස ජීව විද්‍යාත්මක පදනමක් මත හඳුනාගෙන නම් කර/වර්ගී කරණය කර තිබෙන යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් කර තිබෙන පිළිගැනීම පසු කාලීනට වෙනස් කර එම තැනැත්තා සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීම සඳහා වූ සහතිකයක් )Gender Recognition Certificate (GRC) ໑໖ 500 1,

(ආ) එවැනි සහතිකයක් නිකුත් කිරීමට ආනුශාංගික වෙනත් සේවා කටයුතු සැපයීම සඳහා අමාත්‍යංශය යටතේ පවතින සෑම ආයතනයක ම පහසුකම් සැලසීමට හා ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයකු ඒ සෑම ආයතනයකටම (රෝහලකම) පත් කිරීමට, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කරුන්, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂකවරුන්, රෝහල් වෛද්‍ය සුපිරින්ටන්ඩට්වරුන්, විශේෂ ව්‍යපෘති ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් හා වෛද්‍ය විද්‍යාල උපකුලපතිවරුන් වෙත දැනුම් දී ඇත (එම චක්‍ර ලේඛයේ පිටපතක් මීට යා කොට තිබේ).

සියලු රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව

ඔබ හා ඉහත චක්‍ර ලේකය යොමු කරනු ලැබුවා වූ සියලු නිලධාරීන් ඇතුලුව ඔබ අමාත්‍යංශය යටතේ සේවය කරන සියලු නිලධාරීන් හා සේවකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි. ඒ බව තම ධූර භාර ගැනීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දිය යුතු එහි 4 වන උපලේඛණයේ සඳහන් දිවුරුම මගින් සනාත කර තිබෙන අතර එම දිවුරුම කඩ කිරීම එම ධූර දැරීමේ සුදුසුකම හා නෛතික හැකියාව අහිමිවීම ට ද හේතු විය හැකිය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කලහොත් එසේ කරන නිලධරයාගේ හෝ අමාත්‍යවරයාගේ ධූරයේ හා තීරණවල වලංගුතාවය අභියෝගයට ලක් වේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ඊට අදාළ සමානාත්මතාවය පිළිගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව

පසුගිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව තුල සමලිංගික සමාජය පිළිගැනීම සහ ඊට සම අයිතිවාසිකම් ලබා දීම අරමුණු කරගත් පනත් කෙටුම්පත (එය ඉංග්‍රීසියෙන් Gender Equality යනුවෙන් ද සිංහලෙන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සමානාත්මතාවය යනුවෙන් ද නම් කර තිබුනි) ගරු ශ්‍රෙෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරන ලදි. එහි දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (වෙනත් දෑ අතර) මෙහි පහත සඳහන් තීරණයන්ට එළඹ තිබේ. එහම -

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇත්තේ ස්ත්‍රීන් හා පුරුෂයින් යන දෙවර්ගය පමණකි.

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියේ දක්වා ඇති SEX (ස්ත්‍රී පුරුෂ භේදය) යන යෙදුම හා (පෙර සඳහන් කෙටුම්පතේ දක්වා තිබුනු) Gender යන යෙදුම් එකිනෙකට සමාන නොවේ.

(ඇ) ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය භාවය හෝ ස්ත්‍රී - පුරුෂ සමජ භාවය සමානාත්මතාවය පිළිගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ.

(ඈ) ස්ත්‍රී පුරුෂ සමාජ භාවය භාවය හෝ එහි සමානත්මතාවය පිළිගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට ද පටහැති වේ (එම තීන්දුවේ පිටපතක් මීට අමුණා තිබේ).

ඊට අමතරව තවත් නීති කිහිපයකට පටහැනි බව

ගරු ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයත්වය පිළිගැනීම තත්කාලයේ බලපවත්වන වෙනත් නීති බොහෝමයකටම පටහැනි බවයි. ඒවායින් කිහිපයක් එම තීන්දුවේ සඳහන් කර තිබේ. එනම්,

  • 1907 අංක 19 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පහත
  • 1952 අංක 44 දරණ උඩරට වවාහ හා දික්කසාද පනත
  • 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත
  • තේසවලාමේ නීතිය

(3) දණ්ඩ නීති සංග්‍රහය

ඉහත චක්‍ර ලේඛය නීති විරෝධී හා බල ශුන්‍ය බව

එ බැවින් ඉහත සදහන් චක්‍ර - ලේඛයත්, එම චක්‍ර - ලේඛය සංශෝධනය කරමින් හෝ ප්‍රතිස්ථාපනය කරමින් පසුව නිකුත් කර තිබෙන චක්‍රෙලේඛ වෙතොත් ඒවාත්, ඒ යටතේ ගනු ලබන හා ගෙන තිබෙන සියලු තීරණත් ව්‍යවස්ථා විරෝධී බවත්, නීති විරෝධී බවත්, මුල සිටම බල රහිත හා බල ශුන්‍ය වන බවත් මෙයින් දැනුම් දෙමි.

එම චක්‍ර - ලේකය අවලංගු කිරීම:

එබැවින් ඔබ වෙත මෙ මෙයින් දැනුම් දී සිටින්නේ ඉහත සඳහන් සඳහන් චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටු වන ලෙසත්, එම චක්‍ර ලේකය අවලංගු කරන ලෙසත් හා එසේ අවලංගු කරන ලද බව සඳහන් කරමින් වෙනත් චක්‍ර ලේකයක් නිකුත් කරන ලෙසටත් ය.

පැහැර හැරීම

මෙම ඉල්ලීම අනුව මෙම ලිපිය ලැබී දින 14 ක් ඇතුලත කටයුතු කරන ලෙස දන්වා සිටින අතර, යම් හෙයකින් එම කාලය තුල එසේ කටයුතු කිරීම පැහැර හැරියහොත් ඔබට එරෙහිව හා එම චක්‍ර ලේඛය බලාත්මක කරනු ලබන අනෙකුත් නිලධාරීන්ට එරෙහිව (වෙතත් දෑ අතර) මෙහි පහත සඳහන් ප්‍රතිකර්ම / සහන ලබා ගැනීමට සුදුසු අධිකරණයක හෝ අධිකරණවල නඩු පැවරීම කටයුතු කරන බව ද දන්වා සිටිමි. එකී ප්‍රතිකර්ම / සහන නම්,

(ε) ඔබ හා ඔබ යටතේ සිටින අනෙකතුත් නිලධාරීන් ආණඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනිව කටයුතු කරන බවට අධිකරණය මගින් ප්‍රකාශ කරවා ගැනීම,

(3) ඔබ හා එකී චක්‍ර ලේකය ක්‍රියාත්මක කරන හෝ කරවන සෑම නිලධාරියෙකුගේ ම ධුරය හා ධුරය හොබවමින් ගනු ලබන / ගෙන තිබෙන තීරණ අවලංගු කරවා ගැනීම.

(ඇ) ඔබ හා සෙසු නිලධාරීන් විසින් අධිකරණයට අපහස කිරීමේ වරද සිදු කර තිබෙන බවට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර තිබෙන බවට වන පදනම් මත සුදුසු සහන ලබා ගැනීම.

සමාජ සුභසිද්ධිය වෙනුවෙන් කරනු ලබන ඉල්ලීමක් වන බව මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ තත්වයෙන් හා සමාජ සුභසිද්ධිය උදෙසා මා විසින් සිදු කරනු ලබන බව සදහන් කර සිටිමි.

(2) ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීම හෙවත් ස්ත්‍රී පුරුෂ භාවය නැවත පැවරීම සඳහා අදාළ පුද්ගලයන්ගේ පුද්ගලික කැමැත්ත සහ ඉල්ලීම මත රජයේ රෝහල් වල සම්පත් භාවිතා කරමින් ශල්‍යකර්ම සිදුකිරීම

මහත්මයාණෙනි,

ඉහත අංක 1 ශීර්ෂයට අදාළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීම සඳහා වූ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව මේ වන විට විවිධ හේතු සහ බලපෑම් මත ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙවත් ලිංගිකත්වය වෙනස් කර ගැනීමට පෙළඹ වී ඇති ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ පුද්ගලික වුවමනාව සහ ඉල්ලීම මත ඔවුන්ගේ ශරීර ස්වභාවය වෙනස් කිරීම සඳහා රජයේ රෝහල් වල සම්පත් සහ කාලය භාවිතා කරමින් ශල්‍ය කර්ම සහ හෝමෝන ප්‍රතිකාර සිදු කෙරෙන බව සහ මේ වන විට ඔබ නොදෙන සිටීමට හේතුවක් නැත. කොළඹ ජාතික රෝහල කොළඹ දකුණ (කළුබෝවිල) සහ කොළඹ උතුර (රාගම) ශික්ෂණ රෝහල් වල එවැනි ශල්‍ය කර්ම බහුලව සිදු කෙරෙන බව වාර්තා වී ඇත.

ඊට අදාළව උක්ත (1) ශීර්ෂය යටතේ දක්වා ඇති නීතිමය තත්ත්වය තවදුරටත් අවධාරණය කරමින් පහතසඳහන් කරුණු ඔබගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමි.

අ) ලිංගිකත්වය වෙනස් කිරීම සඳහා වන ශල්‍ය කර්ම සහ සෙසු හෝමෝන ප්‍රතිකාර යම් වෛද්‍යවරුන් විසින් සහ ඖෂධ සමාගම් විසින් වානිජ ව්‍යාපාරයක් ලෙස ප්‍රචලිත කරන බැවින්,

ආ) එසේම LGBTQIA සමලිංගික චර්යාවන් සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් සමාජය සංස්කෘතික වශයෙන් බිඳ වැට්ටවීම සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් පුද්ගලයින් සහ සංවිධාන පෙළඹවීම සඳහා අරමුදල් යොදවන බව ඔප්පු වී ඇති බැවින්,

ඇ) ඒ අනුව එවැනි පසුබිමක් තුළ බාහිර පෙළඹවීම් මත රජයේ රෝහල් සතු සම්පත් භාවිතා කරමින් රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන ආකාරයට සහ අත්‍යවශ්‍ය සේවා සඳහා යෙදවිය යුතු කාලය සහ සම්පත් රජයට අහිමිවන ලෙස ඉහත සඳහන් කළ ආකාරයට ශල්‍යකර්ම (ලෝකයේ එවැනි ශල්‍යකර්ම වර්ග 35කට අධික ප්‍රමාණයක් සිදුකෙරෙන බව වාර්තා වී ඇත.) සිදුකිරීමට රජයේ රෝහල් තුළ අවසර ලබාදීම මගින් දූෂණය යටතේ අපරාධ වරදක් සිදු කෙරෙන බවට චෝදනාවක් එල්ල කළ හැකි බැවිත්,

ඈ) ඊට අමතරව එවැනි ශල්‍යකර්ම සිදුකිරීම මගින් දණ්ඩ භීති සංග්‍රහය 365 සහ 365 (අ) වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා අනුබලය සහ අනුග්‍රහය ලබාදීමක් සිදුවන බැවින්, වහාම රජයේ සම්පත් යොදා ගනිමින් සිදු කෙරෙන සමලිංගික චර්යාවන් සමාජය තුළ ප්‍රචලිත කිරීම සඳහා හේතුවන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සිදුකිරීම පිළිබඳව විනිවිද භාවය සහිතව පරීක්ෂණයක් පවත්වා අදාළ වැරදිකරුවන්ට සුදුසු විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස, එම තොරතුරු ප්‍රතිකාර ලාභීන්ගේ නම් සඳහන් කිරීමෙන් තොරව මහජනයාට දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස සහ අදාළ ක්‍රියාවලිය වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

ස්තූතියි,

මෙයට

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්දේ
ශභිතෛෂී ජාතික ව්‍යාපාරය

2025.12.16

12 Comments

  1. Me 2016 ekak neda

    Wimal + ranil 😁😁😁

    Ayyo wimal ada ranil ekka laginne

    ReplyDelete
    Replies
    1. උඹල ජෙපි ත්‍රස්තවාදී අමනුස්සයො එක්ක ලගින්නෙ.

      Delete
    2. 2024 ජෙප්පොන්ගෙ හදිස්සියක්

      Delete
    3. Wimal ge rasthiyaduwa
      ජෙපි ත්‍රස්තවාදී අමනුස්සය Wimal neda?

      Delete
  2. දැන් මේක බල බල lankacnews දායක සබාවට අතේ ගහන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. උඹ පැය 24 ම ජෙපි ගූ හෝදල​, ස්වයං වින්දනේ නැතිව අවසිහියෙන් ඉන්නෙ, අන්න ලපය කෝටියක් දෙනව කිව්ව, ගිහින් වැඩේ කරල පිහදාගනින්.

      Delete
    2. Wimal weerawansa lollekda ban ?sure ne dennam

      2016 pawa hara hara danne

      Delete
    3. 3rd class jvp commenters

      Delete
  3. Ara agameti ballige game eka ..eki NGO balliyek...

    ReplyDelete
  4. මේක 2016 රනිල් ගේ ආණ්ඩුවේ චක්‍රලේඛනයක්

    මොනවා උනත් මෙහෙම කරන රටවල ඇති ප්‍රශ්න බලන්න පුළුවන් ඒ රටවල පුවත්පත් කියවනවානම්.
    මේ ලඟකදී ලිංගය වෙනස් කරගත්තු ( කොල්ලෙක් කෙල්ලෙක් වෙලා ) කෙනෙක් ඇවිත් ඒක කරපු දොස්තරට මරණ තර්ජන එල්ල කරලා තිබ්බ.

    මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා මෙහෙම ගොන් වැඩ කරලා මේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න එපා සහ පුද්ගලික මුදල් වලින් කරගන්නවා නම් කරගන්න, රජයේ මුදල් මෙහෙම සමාජය නොමග යන වැඩ වලට වියදම් නොකරනු !

    මේවා සමාජ ප්‍රශ්න, දැන් ට්‍රම්ප් අමෙරිකාවෙන් ඔය පිස්සුව නැතිම කරලා දාන්න ට්‍රයි කරනවා.

    රනිල්...............අය්යෝ............ඔයාගේ කපල අයින් කරගෙනද තියෙන්නේ ??

    ReplyDelete
  5. 2016 ekak
    Cnews Wimal den ranil laga hurathal wenawa

    Kalaya mewu wenasaka arume

    ReplyDelete
  6. Wimal weerawansha me subject eka gena mara unanduyi

    Cricket gena unandu aya thma cricket balanne 😂😂😂😂

    ReplyDelete
Previous Post Next Post