නුවරඑළියේ බෝට්ටු පැදීමට අවසර ඉල්ලයි...

 


දිට්වාසුලි කුණාටුවත් සමග නුවරඑලිය නගරයට ගලා ආ විශාල ජල කදත් සමග නුවරඑලියේ ග්‍රෙගරි වැව  පිටාර ගැලීම නිසා ග්‍රෙගරි වැව පරිශ්‍රය සම්පුර්ණයෙන්ම විනාශ වී වැවේ ගාල් කර තිබු සංචාරක බෝට්ටු කිහිපයක්ද විනාශ වී ඇත.

නුවරඑළිය ප්‍රදේශයේ තව දුරටත් පවතින වර්ෂාව, සුළඟ සහ මීදුම හේතුවෙන් බෝට්ටු සේවය පවත්වාගෙන යෑමට නුවරඑලිය මහ නගර සභාවෙන් මෙතෙක් අවසර ලබා දී නොමැත.

තවද පවත්නා කාලගුණ තත්වයෙන් නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් නොපැමිණෙන නිසා සංචාරක හෝටල්ද සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දමා ඇත.

ග්‍රෙගරි වැව පරිශ්‍රයට නගරය හරහා ගලා බැසි වැසි ජලය එක් රැස් විම නිසා සුන්දර ග්‍රෙගරිවැව තුල ප්ලාස්ටික් පොලිතින් ඇතුලු නගරයේ ඉවත ලූ අපද්‍රව්‍ය රැසක් ජලාශ පතුලේ සහ ජලාශ පරිශ්‍රෙය් එක් රැස් වීම නිසා ග්‍රෙගරි වැවේ විශෘල පරිසර හානියක්ද සිදු වී ඇත.

පවත්නා තත්වය මත ජීවනෝපායක් ලෙස නුවරඑලිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවය පවත්වාගෙන ගිය බෝට්ටුකරුවන්ගේ ආර්ථික තත්වය පහළ වැටීමෙන් ඔවුන්ද ලෙස පීඩාවට පත් වී ඇති නිසා අපවිත්‍ර වී ඇති ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි වැව පරිශ්‍රය සම්පූර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කර යලිත් සංචාරක බෝට්ටු සේවය පවත්වාගෙන යෑමට නුවරඑලිය මහ නගර සභාවේ බලධාරින් ක්‍රියා කල යුතු බවයි නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලි පිරස කියා සිටියේ.‍

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post