ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත පද්මකුමාර මහතා හා ආරවුලකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්තානයේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.
සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වන තුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.
පද්මකුමාර මහතා සමග ඇති වූ ආරවුලට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට අධිකරණය විසින් ඊයේ දිනයේ ඇප මත නිදහස් කර ඇත.
ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඔහු නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මතයි.
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය විසිනි.
නීතිය උන්ට රුචි විදිහට නමා. ගියා. යුක්තිය විලි වැදී කැලයක සැඟව. ගියා. දුර්ජන දුෂ්ඨ ගති ඇති ඝෝර චණ්ඩයා. සුන්කර ලනු මොවුන් රැල වීරමුණ්ඩයා
ReplyDeleteයකෝ තෝ මටත් දේශපාලකයන්ට කඩේ යන්ඩ කියනවද? තෝව සුං කොරලනව කට කියවන්ඩ ආවොත් පඟර නැට්ටා.
ReplyDelete