සුලි කුණාටුවෙන් පසු එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා ඇතැම් පහත රට එළවලු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත්, දේශීය වෙළදපොලේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රු.2000ක සිල්ලර මිලකට අලෙවි වන බවත්, මෙයට සමගාමිව මාලු මිරිස් කිලෝවක් රු.1300කට අලෙවි වන බවයි හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් කියා සිටින්නේ.
බෝංචි
කිලෝවක් රු.800, බටු කිලෝවක් රු.700 ඇතුලු පහත රට සෑම එළවලු වර්ගයක්ම රු.600-800ත්
අතර මිලකට අලෙවි කරන අතර, තක්කාලි කිලෝවක් රු.800කට අලෙවි කරනු ලබයි.
මේ
අතර, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය මගින් මේ අනුව ගෝවා කිලෝවක් -රු.250, කැරට් -රු.200, ලීක්ස් -රු.270, රාබු -රු.150, බීට්රුට් -රු.380,
බීට්රූට්/කට් -රු.500, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු.280, නෝකොල් -රු.250, සලාද -රු.500 වැනි තොග මිලකට ගොවීන්ගෙන් මිලදි ගනු ලබයි.
(28)
දිනයේ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවලු කිලෝ 90000ක ඉල්ලුමක් ලැබුණූ බවත්, එම
ඉල්ලුමට අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගෙන කොළඹ ඇතුලු දිවයිනේ පළාත් කිහිපයකට එම
එලවලු තොග ප්‍රවාහනය කල බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාර එස්. බණ්ඩාර
මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

Amu miris 2000 wuna kiyala minissu big kuchan karaganna epa.apita me year eke tourist la 2333797 awillalu.apita bada pirenna 2026 denawalu malima anduwa.breakfast/ lunch/Dinner gedaratama genath denawalu.
ReplyDeleteඅපේ රටේ ගොවියො ගංවතුර නායයෑම් එනකම් බලාගෙන ඉන්නේ ගාන වැඩි කරලා විකුනන්න. ඉංදියාව, පකිස්ථානය, බංග්ලාදේශ යන රටවලත් ඕන තරම් ව්‍යවසන ඇති වෙලා තියනව හැබැයි මේ විදියට මිල වැඩි කරලා කවදාවත් විකූනන්නෙ නැහැ. මොවුන් මිල වැඩි කරලා වික්කම මහජන සල්ලි තමයි යන්නේ, ඊලගට ඔවුන්ට සහන දෙන්න ගියාමත් මහජන මුදල් තමයි දෙන්නේ.
ReplyDeleteමම ඔයාගෙන් සාධාරණය යහපත බලාපොරොත්තු වෙනවා.ඔයා මගෙන් සාධාරණය යහපත බලාපොරොත්තු වෙනවා.කවදද අපි දෙන්නා මේක අවංකවම කරන්නේ,අන්න ඵදාට අපට තෙරුවන් සරණ වගේම දේව ආශිර්වාද ලැබෙනෙවා .ඵවිට අප හදවත් තුල කරුණාව දයාව,අනුකම්පාව ඉපදී ජීවිතයට සෞභාග්‍යය උදාවෙනවා ඵ්කාන්තයි.තෙරුවන් සරණයි!
Delete