2022.08.02 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2025.12.25 වන දින උදෑසන කාලයේ මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 430 ක් හා ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 32 ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොහුට කොළඹ ගරු මහාධිකරණයේ විභාග වන නඩු 02 ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවට අනාවරණය වී ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
