විශ්වවිද්‍යාල පාලන කටයුතු සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එල්ල කරන අනිසි බලපෑම් වහා නතර නොකරන්නේ නම්, එළඹෙන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) ප්‍රකාශ කරයි.
එම සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පෙන්වා දෙන්නේ උපකුලපතිවරුන් පත් කිරීමේදී කලක් තිස්සේ පැවති දේශපාලනික මැදිහත්වීම් නව පනත මඟින් යම් ප්‍රමාණයකට පාලනය කර ඇති බවයි.
කෙසේ වුවද, එම පනතෙහි අඩංගු ඇතැම් කරුණු සරසවි පාලනයට අහිතකර ලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම අවස්ථාවක ධුරවලින් ඉවත් කිරීමේ අසීමිත බලයක් පාලක සභාවලට හිමිවීම බරපතළ පරිපාලනමය ගැටලුවක් බව ලේකම්වරයා සඳහන් කරයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවති සාකච්ඡාවලදී සාධනීය විසඳුම් ලබා දෙන බවට සහතික වුවද, එය මෙතෙක් ඉටු වී නොමැති බව සම්මේලනය පවසයි.
අග්‍රාමාත්‍යවරිය ලබා දුන් එම පොරොන්දු ඉටු කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීම මත දින නියමයක් නොමැතිව ප්‍රමාද වී ඇති බවටද චෝදනා එල්ල වේ.
පවතින මෙම තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් ලබන සතියේ සිට අඛණ්ඩ අරගලයකට සූදානම් බව ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තමුන්ලගෙම එවුන් නේද?
ReplyDeletethese are minor things dont be panic , we know how deans and heads act in some issues. If they are appointed by the so called palaka sabawa/council ,it should have the power to change them due to valid reasons
Delete