පාස්කු විමර්ශකයන් හිටපු හමුදාපතිවත් ප‍්‍රශ්ණ කරන්න ගෙන්වති..

 


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාරය සිදු වූ කාලයේදී යුද හමුදා බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය සහ වගකීම් බෙදීයෑම පිළිබඳ කරුණු කිහිපයක් තහවුරු කරගැනීම මෙහි අරමුණ වී තිබේ.

මෙම විමර්ශනවලට අදාළව පසුගිය සතියේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන්ද ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද මේ පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබාගෙන ඇත. කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිය බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති සාරා මියගිය බව තහවුරු කිරීමට අවස්ථා 3කදී ඩීඑන්ඒ පරීක්ෂණ කිරීම බරපතළ සැකයට තුඩු දී ඇත.

අසංක කරුණාරත්න

2 Comments

  1. කය්යනයක, ටිල්වින් වගේ උන්ගෙන් ගන්නේ නැද්ද? නානා උන් ළඟනේ හිටියේ.

    ReplyDelete
  2. 76 වසරක ජවිපා සාපේ හා අගර දගරගේ වෛරය. රටම එකම බොරු විලක් කරලා විනාශ කරපු අපත කාළකන්නි සංවිධානයක් හා පුද්ගලයෙක්.

    ReplyDelete
Previous Post Next Post