රේල්පාර උඩ එල්ලේ.. උඩරට දුම්රිය ධාවනය අති දුෂ්කර යයි ඉංජිනේරුවන් කියති..

 


දිට්වා සුලි කුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල වශයෙන් නායයෑම් හේතුවෙන් කොටගල සිට අඹේවෙළ දක්වා දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරිම අතිදුෂ්කර බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවන් කියා සිටියි.

නායයෑමට ලක් වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින නානුඔය දුම්රිය ස්ථානයේ සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවන් සහ සේවකයන් කියා සිටින්නේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙළ දුම්රිය ස්ථානය ආසන්නයේ අධික කදු සහ බැවුම් සහිත ස්ථානවල දුම්රිය මාර්ගයේ මීටර් 50 සිට 100 දක්වා කොටස් නාය ගොස් ඇති බවයි.

ග්‍රේඩ් වෙස්ටන් කදුවැටියට පහලින් නායගිය ස්ථානයේ පස් පිරවීමට හෝ දුම්රිය මාර්ගය අලුතින් වෙනත් ස්ථානයකින් කැපීමට නොහැකි තත්වයක් පවතින බවත්, පවත්නා තත්වය මත කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් ගත වන බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

දුම්රිය මාර්ගය නායයෑමත් සමග දුම්රිය පීලි සහ සිල්බරම් කොට වලට දැඩි අලාභහානි සිදු වී ඇත.

නාවලපිටියේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව සේවා දුම්රියක් (16) දින කොටගල දක්වා ධාවනය කල අතර, තවත් සේවා දුම්රියක් බණ්ඩාරවෙළ සිට අඹේවෙළ දක්වා (15) දින ධාවනය කර ඇත.

රංජිත් රාජපක්ෂ              

3 Comments

  1. ඉංජිනේරුවාගේ නමත් එක්ක නිවුස් එක දාන්න.සමහර මුත්තලාගේ ගෝලයෝ පච පතුරනවා

    ReplyDelete
    Replies
    1. බිම්මල් රතගාය සහ අප්‍රන්න ඉන්ජිනේරු ඔස්තාද්ලා

      Delete
    2. දැන් ඉංජිනේරු තුමාට කැතට කතා කරාවි සට්ටැඹි රාලල

      Delete
Previous Post Next Post