2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000 ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වන විට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කරනු ලැබ තිබේ.
වෙළෙඳ පොළ තුළ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමුපකාර ජාලය හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
