හිටපු ඇමතිවරකු වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාස විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
ලංකා සතොසට අයත් ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් සාපරාදී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සිටිමින් වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද ඔහුට චෝදනා එල්ල වෙයි.
