මතුගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන සභාපතිවරයා විසින් එම සභාවේ ලේකම්වරියට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මතුගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අද (30) උදෑසන සභා කාර්යාලය තුළදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.
සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කිරීමට සභාපතිවරයා ලේකම්වරියගේ කාර්යාලයට පැමිණ ඇති අතර, එහිදී දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇය විසින් මතුගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටියි.
