නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ශාවෙන් විනාශ වූ නුවරඑලිය නගරයේ පොදු ස්ථාන සහ නගරය පිරිසිදු කිරිමට පැමිණි පිරිසක් රැගත් බස් රථයක් (06) දින රාත්‍රි යේ අනතුරට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
කලුතර
ප්‍රදේශයේ සිට මිට සිව් දිනකට ප්‍රථම නුවරඑලිය නගරය පිරිසිදු කිරිමට පැමිණි පිරිස
සිය කටයුත්ත අවසන් කිරිමෙන් අනතුරුව නුවරඑලියේ සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කලුතර
දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ අධික බෑවුමක් සහිත එම මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදි
එම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි
එම මාර්ගයේ පස් කන්දක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
බස්
රථයේ අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත්, අනතුරින් බස් රථයට දැඩි
අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන නානුඔය පොලිසියේ
නිළධාරියෙකු කියා සිටියේ.
එම මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කර ඇති බව නොදැන අනතුරට පත් බස් රථයේ රියදුරා බස් රථය ධාවනය කර ඇති බවයි නානුඔය පොලිසියේ එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ
