මීගමුවේ අයවැයත් හොරට සම්මත කරලා..


ජාතික ජන බලවේගය යටතේ පාලනය වන මීගමුව මහනගර සභාවේ වාර්ෂික අයවැය ලේඛනය, නිසි ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීමට පියවර ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් චෝදනාවක් එල්ල කරනු ලබයි.

විපක්ෂය පවසන්නේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වන ලෙස තමන් ඉල්ලා සිටියද, නියමිත ක්‍රමවේදයට අනුව ඡන්දයක් ඉල්ලා නොසිටි බව පවසමින් නගරාධිපතිවරයා විසින් ඒකපාර්ශ්විකව අයවැය සම්මත කර ඇති බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී මෙන්ම සභාව නොමග යැවීමක් බවද ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බවට තමන් සැක කරන බවයි. 

විශේෂයෙන්ම, නාගරික කොමසාරිස්වරිය ද මෙම කුමන්ත්‍රණයට හවුල්කාරියක වී ඇත්දැයි බරපතළ සැකයක් මතු වන බව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

"අයවැය සම්මත කරගත් ආකාරය සම්පූර්ණයෙන්ම අක්‍රමවත්. මේ පිළිබඳව දැනුම් දීමට මා නාගරික කොමසාරිස්වරියට අවස්ථා කිහිපයකදීම දුරකථන ඇමතුම් ලබා දුන්නා. නමුත් ඇය කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. පාලක පක්ෂයට අවශ්‍ය පරිදි නීති විරෝධී ලෙස කටයුතු කිරීමට නිලධාරීන් සහාය දීම කණගාටුදායකයි."

මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව නිහඬ නොවන බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටත්, අධිකරණයේ පිහිට පැතීමටත් කටයුතු කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

නගර සභා ඉතිහාසයේ මෙවැනි පූර්වාදර්ශ සැපයීම අනාගත නගර පාලනයට අහිතකර ලෙස බලපානු ඇති බවද විපක්ෂ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

3 Comments

  1. පුනරුදේ පු*රිදේ

    ReplyDelete
  2. කෝලිකුට්ටුවෙ නැට්ට හයි කරපු අපිට ඕවත් වැඩද මල්ලි

    ReplyDelete
  3. Kavinda at Narahenpita 😃😃

    ReplyDelete
Previous Post Next Post