පුද්ගලයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ කුරුදුවත්ත පොලිසියට පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත (30) දින පොලිසිය භාර වූ කුරුදුවත්ත ගග ඉහළ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති (NPP ) ඉන්දික උපුල් ගුණසේකර මහතාව කුරුදුවත්ත පොලිසිය විසින් (30) දින ගම්පොළ මහේස්ත්‍රාත් අධීකරණයෙ මහේස්ත්‍රාත් පරණවිතාරණ මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලක්ෂ 3ක ශරීර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව 2025.02.05 දින කැදවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.
ඉකුත්
(28) දින රාත්‍රියේ තම වෙලදසැලේ සිට නිවස කරා යමින් සිටියදී සැකකාර සභාපතිවරයා
තමන්ට පහර දුන් බව පවසමින් කුරුදුවත්ත අම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු
විසින් ගම්පොළ කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර එම තරුණයා ගම්පොල මූලික රෝහල
වෙත ඇතුලත් වී නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ඇප
මත මුදා හැරුණු ගග ඉහළ කෝරලයේ ප්‍රාදේශිය සභෘවේ සභාපතිවරයා කියා සිටියේ තමන්ට
එරෙහිව පැමිණිල්ලක් කල තරුණයා තමන් බලයට ගෙන ඒමට ඡන්දය ප්‍රකාශ කල තම හිතවත්
තරුණයෙකු බවත්, ඔහුට පහර දීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, එවැනි
මානසිකත්වයක තමන් කටයුතු නොකරන බැවින් කිසියම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයක් මත තමන්
අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.
රංජිත් රාජපක්ෂ
