දිවයින පුරා ක්‍රියාත්මක ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවාව තුළ මෑතකදී උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සමස්ත ක්ෂේත්රයම විධිමත් නියාමනයකට ලක් කිරීමට රජය අවධානය යොමු කර ඇත.
විශේෂයෙන්ම, ගාස්තු අය කිරීමේදී පවතින අවිධිමත්භාවය ඉවත් කර, මගියාට සහ රියදුරාට සාධාරණ වන නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛතාව හිමිවේ.
ලෝකයේ බොහෝ දියුණු රටවල කුලී රථ සේවාවන් රජයේ හෝ ප්‍රාදේශීය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එවැනි රටවල කුලී රථ සඳහා "මීටර් ගාස්තු" හෝ ජංගම යෙදුම් හරහා පූර්වයෙන් තීරණය කළ "ස්ථාවර ගාස්තු" රමවේද අනිවාර්ය කර ඇත.
එම රටවල මගියා ගමන ආරම්භ කිරීමට පෙර ගාස්තුව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා අතර, එමඟින් රියදුරා සහ මගියා අතර ඇති වන ගැටුම් අවම වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කරනුයේ එවැනි විනිවිදභාවයකින් යුතු සේවාවකි.
මෑතකදී ජංගම යෙදුම් (Apps) හරහා සේවා සපයන සමාගම් සහ ස්වාධීන ත්‍රිරෝද රථ රියදුරන් අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් මෙම තීරණය කඩිනම් කිරීමට හේතු වී තිබේ.
නව රෙගුලාසි යටතේ ගමන ආරම්භයට පෙර දුර ප්‍රමාණය සහ ගාස්තුව දෙපාර්ශවයටම දැනගත හැකි විය යුතුය.
සියලුම ත්‍රිරෝද රථ සඳහා පොදු අවම සහ උපරිම ගාස්තු සීමාවක් පැනවීම පිළිබඳව අවධානය යොමුව ඇත.
සේවා ගුණාත්මකභාවය සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමට බලපත්‍ර ක්‍රමවේදයක් ශක්තිමත් කෙරේ.
මෙම නියාමන කටයුතු සම්බන්ධයෙන් වසර ගණනාවක සිට සාකච්ඡා පැවතුණද, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම විවිධ හේතූන් මත ප්රමුඛ විය.
කෙසේ වෙතත්, වර්තමාන වටපිටාව තුළ මගී ජනතාව සූරාකෑම වැළැක්වීමටත්, ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීමටත් මෙම පියවර අත්‍යවශ්‍ය වී ඇත.

ක්‍රියාත්මක කරන්න බැරි හේතුව තමයි මාෆියාවට යටවීම. බොහෝ රටවල රියදුරු අසුන පිටුපස ජායාරූපය සහ තොරතුරු සදහන් කර ඇත. ජංගම යෙදුම් දාල තියෙන සමාගමුත් එක එක වෙලාවට මිල ගනන් වෙනස් වෙනවා. වහිනකොට මිල වැඩි වෙන ඇප් තියෙන්නේ ලංකාවේ පමණය ඒකත් වාර්තාවක්. සමහර ත්‍රීවීල් කිමි. 1 මීටර් 800 හදලා තියෙන්නේ. අපේ රටේ බොහෝ අයට වංචා කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. ඔවුන් හිතනවා ඒක දක්ෂතාවයක් කියල.
ReplyDeleteවහිනකොට මිල වැඩි වෙනව නෙවෙයි බම්. වහිනකොට වෙනද ත්‍රීවිල් වල යන්නෙ නැති උනුත් ත්‍රීවිල් එකක් ගන්නව නොතෙමි යන්න. ඉතිං ඉල්ලුම වැඩි වෙනව. සැපයුම ( පාරෙ තියෙන හයර් නැති ත්‍රීවිල් ගණන) එකාකාරව තියෙද්දි ඉල්ලුම වැඩි වුනාම ඒක බැලන්ස් කරන්න වෙන නිසා තමයි මිල වැඩි වෙන්නෙ.
Deleteආයෙම කරන්න තියෙන්නේ,හාල් වලට කරපු දේ තමයි.
ReplyDeleteමේසෙට ගහල රු30ක් වැඩි කරා වගේ,
පාලන මිල කියල එන්නේ,තියෙන මිලට වඩා වැඩි මිලක් අවම මිලට දාල,ඒ ඒ ආයතන වලින් ගාණ කපන එක තමයි
පික් මී/ඌබර් ආයතන ඉතා අඩු රේට් දාලා ඒකෙන් ලොකු කමිෂන් එකක් අරගෙන රියදුරන්ව තලාගෙන රොන් බොන එකත් නියාමනය කරලා දෙන්න ජනාධිපතිතුමනි පින් 🙏
ReplyDeleteඕනම සේවයක් දෙපැත්තටම වාසි වෙන්න ඕන..
නොවටිනා රේට්ස් දීලා පාරිභෝගිකයාගෙ හිත දිනාගෙන පාරිභෝගිකයයි කම්පැනියයි සතුටුවෙලා පැත්තකට උනා කියලා හරියන්නෑ.
වාහනයත් තියාගෙන නොකා නොබී සොච්චං මුදලකට රියදුරන් පුදුම කට්ටක් කන්නෙ..
අවම ගාස්තුවක් පණවනවයි කියලා මේ කරන්නේ පික් මී, ඌබර් ඇප් වලින් ගමන් කරන මගීන් ට වියදම් කිරීමට සිදුවන මුදල වැඩි කරලා දීලා සමාගම් පොහොසත් කරන එකයි
ReplyDeleteපික් මී, ඌබර් ඇප් වල ක්‍රමය තමයි හයර් එකක් ගිහින් ආපහු එන්නත් තව හයර් එකක් ලැබෙන නිසා මගියා ගෙන් අඩුවෙන් අය කර ගැනීම
කුලී රථ රියදුරෙකුට ලැබෙන හයර් ප්‍රමාණය වැඩි කර මගීන්ට ගෙවන්න වෙන මුදල අඩු කර දීම තමයි පික් මී, ඌබර් ඇප් වල business model එක
අවම ගාස්තුවක් පණවලා පික් මී, ඌබර් ඇප් වල ගාස්තු වැඩි කළාම වෙන්නේ කුලී රථ භාවිතා වීම අඩු වීම
කුලී රථ කර්මාන්තයේ ස්වභාවය තමයි එයට තවත් ගමනාගමන ක්‍රම සමග තරඟ කිරීමට සිදු වීම. අවම ගාස්තුවක් පණවලා, කුලී රථ වල ගාස්තු වැඩිකෙරුනොත් වෙන්නේ බස් වලින් / කෝච්චියෙන් යාම, පයින් යාම, මෝටර් සයිකල් කට්ටක් සොයා ගැනීම, වගේ විකල්ප ක්‍රම වලට මගීන් යොමු වීම. පික් මී, ඌබර් ඇප් වලින් යන්නේ හොඳ වාහනයක් දිනපතා ගමනාගමනයට (daily commuting වලට) පාවිච්චි කිරීමට තරම් මාසික ආදායමක් නොමැති මිනිස්සු. ඒ මිනිස්සුන් ගේ මාසික ආදායම ප්‍රමාණවත් නෑ අවම ගාස්තුවක් පැණෙව්වාට පස්සේ එන වැඩි ගණන් ගෙවන්න. අවම ගාස්තුවක් පණවලා කුලී රථ ගාස්තු වැඩි කළාම වෙන්නේ, බසයෙන් / කෝච්චියෙන් යාම, පයින් යාම, මෝටර් සයිකලයෙන් යාම වගේ විකල්ප ක්‍රම වල ඇති අපහසුතා අමතක කර දැමීමට මගීන් යොමු වීම.
අනේ ප්ලීස් (කර්තෲ භාගය:- කයිතන්ට) කෙරවළපිටිය අධිවේගී පිවිසුමේ නැටුවා වගේ තවත් පිස්සුවක් මේකෙත් නටන්න එපා. උඹලා දන්න සිස්ටම් චේන්ජ් එකක් නෑ. තියෙන සිස්ටම් එක හරි තියෙන විදියට තියපල්ලා. සිස්ටම් චේන්ජ් යනු තියෙන සිස්ටම් එක ඇනීම නොවේ. කෙරවළපිටියෙදි පාවිච්චි කරපු මොළෙන් තවත් තීරණ ගන්න එපා. කොච්චරවත් ඩිජිටල් ඩිජිටල් ගාන ආණ්ඩුව හරි නම් කරන්න ඕනේ පොදු ඇප් එකක් හඳුන්වලා දීලා ඇප් භාවිතා නොකරන කුලී රථ සඳහා ආණ්ඩුවේ ඇප් එක අනිවාර්ය කිරීම. හයර් එකක් ගිහින් ආපහු ත්‍රීවීලර් පාර්ක් එකට නිකං එන්නේ නැතුව හයර් එක ඉවර වුන තැනින් තව හයර් එකක් ගන්න කුලී රථ රියදුරන් පුරුදු කරවා ගැනීම. ත්‍රීවීලර් පාර්ක් ක්‍රමයෙන් ඔබ්බට යාම (ත්‍රීවීලර් පාර්ක් සංස්කෘතිය ගැන, ඒවායේ කාලය කා දැමීමට මිනිස්සු ඇබ්බැහි වෙන හැටි ගැන, එම කාලය නොයේකුත් සමාජ විරෝධී කටයුතු සඳහා මිඩංගු කෙරෙන හැටි ගැන මෙතන ලියන්න වෙලාවක් නෑ.). වැඩියෙන් වැඩ කර වැඩියෙන් හම්බ කර ගැනීමට කුලී රථ රියදුරන් පුරුදු කරවා ගැනීම (සමහර පික් මී, ඌබර් කුලී රථ රියදුරන් දවසට රුපියල් පන්දාහ ඉක්මවලා හම්බ කරනවා). ඔය පොදු ඇප් එකට ලංගම බස්, පෞද්ගලික බස්, කෝච්චි ඔක්කොම ඇතුලත් කරන්න පුළුවන්. බස් එකෙන් කෝච්චියට දුවන මිනිස්සුන්ට, කෝච්චියෙන් කුලී රථයට දුවන මිනිස්සුන්ට එහෙම ඇප් එකක් හරි ප්‍රයෝජනවත්. වෙළඳ පොළ තරඟකාරීත්වය වැඩි කිරීම වෙනුවට වෙළඳ පොළ තරඟකාරීත්වයට අකුල් හෙලලා මාෆියා තහවුරු කිරීම තමයි කෙරවලපිටිය මොළෙන් කරන්න පුළුවන්.
well said.
ReplyDelete