නගර සභා පනත අනුව නගරාධිපතිවරයෙකුට නිල නොලත් මහේස්ත්රාත් බලතල හිමිව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.
රන්ජන් ජලයල් මහතාට චෝදනා එල්ල වන ප්රකාශයේදීද ඔහු කල අදහස් කරන්නට ඇත්තේ එය බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ආපදා අවස්ථාවකදී ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙම බලතල භාවිතා කළ කිරීම කළ හැකි බවත් එසේ නැතිව ජනතාව තලා පෙලා දැමීමට ඒවා භාවිතා කළ යුතු නැති බවත් හෙතෙම කීය.
කෙසේ වෙතත් රන්ජන් ජයලාල් මහතා මෙම ආපදා තත්ත්වය තුළ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් සිටින බවත් ඒ අතරතුර ඇතැම් දේ සිදුවිය හැකි බවත් පවසන ඔහු වැඩ කරද්දී යම් අඩුපාඩු සිදුවිය හැකි බවද සඳහන් කළේය.

හරියට හරි ඇමති තුමෝ. කථා කොරපන් ආන් එහෙම. රෙද්ද.
ReplyDeleteනිල නොලත් මහෙස්ත්රාත් කියන්නේ නාමිකව තියන පට්ටමක්, උසාවි ගිහිල්ලා නඩු අහන්න බලයක් නැහැ, උසාවි නෙමෙයි නගර සභාව ඇතුලෙවත් නඩු අහන්න බලයක් නැහැ.
ReplyDeleteI never thought that is REAL power is given by constitution
ReplyDeleteNow i can think how ranil misuse the law
එතකොට, මන්ත්රීලට, ඇමතිලට අවම වශයෙන් නිල නොලත් මහාධිකරණ සහ අභියාචන විනිසුරු තනතුරුවත් තියෙන්න ඕනනේ..
ReplyDelete1939 අංක 61 දරන නගර සභා ආඥා පනතෙහි 23 වන වගන්තියෙහි සහ 1947 අංක 29 දරණ මහ නගර සභා ආඥා පනතෙහි 16 වන වගන්තියෙහි පිළිවෙලින් එකී මහ නගර සභාවේ සහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා ධූරය දරන කාලසීමාවට පමණක් නිල නොලත් මහේස්ත්රාත්වරයෙකු වශයෙන් එකී නාගරික බල ප්රදේශයට අදාලව පමණක් සැලකෙන බව පහත සඳහන් පරිදි සඳහන්ව ඇත.කෙසේ නමුදු, ඉහත කී නගර සභා ආඥාපනත යටතේ හෝ මහ නගර සභා ආඥා පනත යටතේ පත්වන නගරාධිපතිවරයකු හෝ උප නගරාධිපතිවරයෙකු හට මහේස්ත්රාත් අධිකරණයක නිල නොලත් මහේස්ත්රාත් වරයෙකු වශයෙන් වැඩ බැලීමේ හැකියාවක් නොමැති අතර, මක්නිසාදයත් එම අයවලුන් අධිකරණ සංවිධාන පනතේ 45(3)වගන්තිය ප්රකාරව පත්කිරීමක් සිදු කොට ඒ යටතේ වන දිවුරුම් දීමක් සිදු කොට නොමැති වන බැවිනි.
ReplyDeleteඅර තිස්ස කිට්ටිආරච්චි නිල නොලත් ජනාධිපති වගේද?
ReplyDelete