දෙරන සජීවි ප‍්‍රවෘත්ති මැදිරියේ ලක්මාලි හම ගහයි...

 

මෙරට ඇති වූ කාලගුණ ආපදාව ගැන නොවැම්බර 12 වැනිදා පූර්ව අනතුරු ඇගවීමක් කලේ යයි අසත්‍ය පැවසූ බවට දෙරණ 'බිග්ෆෝකස්' වැඩසටහන පාදක කරගනිමින්  ජාතික ජනබල වේගයේ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදු කරන ලද චෝදනාවට දෙරණ නාලිකාව සිය ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී ප‍්‍රතිචාර දැක්වීය.

නොවැම්බර් 12 වැනි දින විකාශය වූ "බිග්ෆෝකස්" වැඩසටහනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නායයාම් පරීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යා ආචාර්ය ඉමායා ආර්යත්න යන අය සහභාගී වී සිටියහ. 

එහිදී, අන්තර් මෝසම් කාලගුණයේ බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව නාලිකාව වාර්තා කලේය.

එම සාකච්ඡාව අතරතුරදී, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 'ඉදිරි කාලසීමාව තුළ පවතින පුරෝකථන වලට අනුව වර්ෂාව අඩුවක් වීමට හැකි බවත්,  කෙසේ වෙතත්, මෙම කාල සීමාවේ පවතින කැලඹිලි ස්වභාවයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් සමඟ එය ඕනෑම වේලාවක වෙනස් විය හැකි බව සඳහන් කළේය.

 වර්ෂාපතනය ඉහළ යෑමක් අනිවාර්යයෙන්ම සිදුවන බවට ප්‍රකාශ කර ඇති අතර, 14 වැනි දිනෙන් පසු වර්ෂාපතනයේ රටාව වෙනස් වන බවද පවසා ඇති බවත් වාර්තා කලේය.

කැලඹෙන ස්වභාවය අනුව, ඉදිරි දින කිහිපය තුළදී මෙය අඩු පීඩන කලාප හෝ පීඩනාවපාත මට්ටම දක්වා යා හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්දැකීම් අනුව පෙනී යන බව ප්‍රකාශ විය. 

ඔහු 'සුලිකුණාටු' යන වචනය දැන් භාවිතා නොකරන නමුත්, ලංකාවේ කාලගුණික තත්ත්වය දැනට වඩා වැඩිවීමක් ඇති බව සඳහන් කළේය.

වර්ෂාව එක දිගට පැවතියහොත් ගංවතුරක් වැනි තත්ත්වයක් ඇති වීමට මෙන්ම, නාය යෑම් පැත්තටද යෑමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීය.

මෙම වර්ෂාපතනය බොහෝ විට නැගෙනහිර, උතුරු-මැද, සහ මධ්‍යම වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය හැකි බවට පැහැදිලි කරන ලදී.

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ කාලගුණ තත්ත්වයෙන් පසු කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳ සමාජයේ කතාබහක් නිර්මාණය විය.

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් නිවේදනයක් කර තිබූ නමුත්, රජය ක්‍රියාත්මක නොවූ බවට චෝදනා ඒල්ල වූ බවත්ය. ඇය තවදුරටත් සඳහන් කළේ එම කාරණය සමාජගත කළේ දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාව විසින් බවයි.

මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් දෙරණ නාලිකාව ප්‍රකාශ කර සිටියේ, ලක්මාලි මන්ත්‍රීවරිය මෙම ප්‍රකාශය සිදු කරන්නේ නිසි කරුණු පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව බව හැඟී යන බැවින්, සත්‍යය පැහැදිලි කිරීමට තීරණය කළ බවයි.

කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ප්‍රකාශය සිදු කළේ සුළි කුණාටුවෙන් පසුව ඇති වූ තත්ත්වයට සති දෙකකට ආසන්න කාලයකට පෙර විකාශය වූ සජීවී වැඩසටහනකදී බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බවත්, එම ප්‍රකාශය කරන අවස්ථාවේදී ආපදා කළමනාකරණ විෂය අයත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද වැඩසටහනට සහභාගී වී සිටි බවත් දෙරණ පෙන්වා දෙයි.

වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස දෙරණ සිදු කළේ, ඇතිවිය හැකි කාලගුණ තත්ත්ව වෙනස් වීමක් පිළිබඳ රටට වාර්තා කිරීමට බිග්ෆෝකස් වැඩසටහනින් ඉඩ සලසා දීම පමණක් බව අවධාරණය කරයි.

මන්ත්‍රීවරිය අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ, දෙරණ විසින් කරනු ලබන්නේ නිලධාරීන් ප්‍රකාශ කරන කාලගුණ දත්ත හා තොරතුරු විකාශය කිරීම මිස, තමන් විසින් කාලගුණ දත්ත සොයාගෙන විකාශය කිරීම නොවන බවයි.

මන්ත්‍රීවරිය කළ යුත්තේ, අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමෙන් පසු නිලධාරීන් විසින් තීරණ ගන්නා බලධාරීන් දැනුවත් කර ඇත්දැයි සොයා බැලීම බවට දෙරණ ප්‍රතිචාර දක්වයි.

අදාළ කාලගුණ ප්‍රකාශයේ වරදක් ඇත්නම්, එය නිවැරදි කළ යුත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිස දෙරණ නොවන බවද පැහැදිලි කර ඇත.

දෙරණ යළිත් අවධාරණය කරන්නේ, මෙම සිද්ධියේදී කාලගුණ තොරතුරු ප්‍රකාශ කර ඇත්තේ අදාල නිලධාරීන් පමණක් වන අතර, දෙරණ කිසිවිටක ඊට අදාළව තමන්ගේ මතයක් ප්‍රකාශ කර නොමැති බවයි. ජාත්‍යන්තර මාධ්‍යද ශ්‍රී ලංකාවට මිලිමීටර් 300-500 ඉක්මවන වර්ෂාපතනයක් ඇදහැලිය හැකි බවට නොවැම්බර් 25 වැනිදා වාර්තා කර තිබුණි

12 Comments

  1. මේක ඇත්තට බලන් ඉන්න අපිටත් දරාගහ්න අමාරුයි. කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න තිබුනද? මේ සිද්දියෙන් අසරන උනු ජීවිත නැතිවුනු අයට කොහොම හිතෙනව ඇතිද? නැතිඋනු ජීවිතවලට හොද බවයක් ලැබේවා කියල ප්‍රරාර්තනා කරන එක විතරයි අපිට පුලුවන්. ... තව අවුරුදු හතරක් මේ ආන්ඩුවනෙ කියල හිතනකොට ඇග හිරි වැටෙනව...

    ReplyDelete
    Replies
    1. deranakiyanne ratak diunuwenawa ball inna bari. rattatama sapayak una chanall ekak.buruwa wapurala jeewath wena ewun

      Delete
    2. උන් ඡන්දෙ දිලාමේ වගෙ තැරි පාර්ලිමේන්තු යවලා,උන් ම පත්කරගත් ආන්ඩුව නේ...ඒ ආන්ඩුව උන් ව ම මැරනෙකං බලා හිටිය

      Delete
  2. දැන් වැරැද්ද වෙලා තියෙන්නේ කලින් කියපු එක. නොකිව්වනම් කියයි දැනගෙන ඉදලා හොරු බලයට ගේන්න කිව්වේ නෑ කියලා.

    අම්මපා මුන්ට කඩේ යන උන්ට ඇත්තටම කෝමද?

    ReplyDelete
  3. මේක මෝඩ කදක්. පොල් ලෙල්ලියක්..මාලිමාවෙ ගොන් රැළටම ගැලපෙනවා..

    ReplyDelete
  4. deranakiyanne ratak diunuwenawa ball inna bari. rattatama sapayak una chanall ekak.buruwa wapurala jeewath wena ewun


    මේ web site එකට comment කරන්නේ සාමාන්‍යයෙන් මොළය තියෙන උගත් කමක් තියෙන අය කියලා හිතනවා. කරුණාකරලා මෝඩ චොම්මෙන්ට් දාල වැදගත් කියල comment දාන අයගේ කාලය විනාශ කීරීම මහා මෝඩ නූගත් කමක්. ඔබට JVP support comment දාන්න ඕනනම් gossip ලංකා site එකේ දාන්න. එකේ හරිම පහත් comments යන්නේ. කරුණාකරලා ඉගන ගන්න English වලින් හරි Sinhalese වලින් හරි comment එක දාන්න. Sinhala comment එකක් English වලින් type කරනවා කියන්නෙ ඔයාගේ දැනීම හිතාගන්න පුලුවන්.

    ReplyDelete
  5. නයි ඇන්ටිජන් නාලිකාව

    ReplyDelete
    Replies
    1. It,s thousand times better than koti sirasa and vipatha channels

      Delete
  6. Don`t Play the blame game now. If you love your country this is the time to help people.

    ReplyDelete
  7. ජෙප්පොන්ගේ ඒකාධිපති වියරුව..... බෞද්ද විරෝධී ද්‍රෝහී JVP පච රෑල.....ගූ මාලී ..............

    ReplyDelete
  8. Pasku 2 ahinsaka minissunge jeevitha ekka sellam karapu maalima anduva wagakeema gatha yuthui, dan kala wave sorow tika adi 2 arinna puluwannam , danuvath karala tiyeddith ape ahinsaka minissu maruve aei dan thopi babala venna epa

    ReplyDelete
  9. අවම තාක්ෂණික උපකරණ ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතනයක ඉහළම නිලධාරියෙක් ඉතා වැදගත් අනාවැකි මගින් මාධ්‍ය හරහා හෝ ජනතාව දැනුවත් කිරීමට ගත් උත්සාහය ඇත්තටම පැසසිය යුතුව ඇත.
    ඒ සඳහා අවස්ථාව ලබා දුන් දෙරණ මාධ්‍ය නාලිකාවටද ස්තුති කල යුතුය.
    එසේම මෙවැනි අනාවැකියක් නිරාවරණයක් කරන ලද්දේ ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ ඉහළම නිළධාරියෙකු සිටින අවස්තාවකය. ඔහුට සහ රජයට මෙහි බරපතලකම නොතේරීම පුදුම සහගතය.
    එවැනි විටක ආපදා කළමනාකරණ කමිටුව වහාම කැඳවා ජනතාව ඉවත් කර ඔවුන්ට පහසුකම් සහිත ස්ථාන වල කෙටිකාලීනව පදිංචි කලානම් මෙවැනි ජීවිත හානියක් සිදු නොවන්නේය.

    ReplyDelete
Previous Post Next Post