වන අලියෙකු ගින්නෙන් පුලුස්සා හිංසා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය.
මෙම හිංසාවට ලක් වූ වන අලියා මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේදී මිය ගොස් ඇති අතර වන අලියා මියයාම සම්බන්ධව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිළිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නිගමනය කර ඇත.
ඒ අනුව, 2025.12.17 වන දින සවස් කාලයේ මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේදී මෙම වන අලියාට ගිනි තබා සත්ව හිංසාව සිදු කිරීමේ වරදට මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 42, 48 හා 50 වයස්වල පසුවන සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අනුරාධපුරය අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

munta marana dauwama diyayuthui..........
ReplyDelete