පොලිසියෙන් නාය යාම් අනතුරු ඇගවීම්...


පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

නායයෑම් පිළිබඳව පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය සම්බන්ධව.

ආපදා කළමණා කරන මධ්‍යස්ථානය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නායයෑම් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, පසුගිය කාල සීමාව තුල දිවයිනට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමේ අවධානමක් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති බවට ද සඳහන් කර ඇත.

ඒ අනුව පහත සඳහන් නායයෑමේ පුර්ව ලක්ෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා සිටියි.

  • පොළවේ ඇතිවෙන ඉරි තැලීම්, ගැඹුරට හෑරී ඇති පැළුම් හා පොළවේ ගිලා බැසීම්.
  • ක්‍රමයෙන් ඇල වී යන ගස්, විදුලි කණු, වැටවල් හා දුරකථන කුළුණු ආදිය.
  • ගොඩනැඟිලි වල ගෙබිම සහ බිත්ති මත ඇතිවන පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය සම්බන්ධව.
  • එක්වර ජල උල්පත් ඇති වීම හෝ පෙර පැවති ජල උල්පත් බොර වීම, අවහිර වීම හෝ නැති වීම.

මෙවැනි නායයාමක පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත් වීමටත්, අනතුරට භාජනය විය හැකි යැයි අනුමාන කරන පහත ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් වැඩි වශයෙන් පරීක්ෂාකාරීව අවධානයෙන් කටයුතු කරන ලෙසට තවදුරටත් දන්වා සිටියි.

පහත සඳහන් ප්‍රදේශ වලට ගත වූ පැය 24 තුල 150mm ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම් පොළව ගිලා බැසීම් සහ පස්කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් වැලකීම සඳහා ආරක්ෂිත ස්ථානයක් කරා යෑම සම්බන්ධයෙන් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

  • මහනුවර
    (ගඟවත්ත කෝරළය, දෙල්තොට, දොළුව, තුම්පනේ, මැදදුම්බර, මිනිපේ, පාතහේවාහැට, යට නුවර, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, උඩු නුවර, පන්විල, පාතදුම්බර, කුණ්ඩසාලේ, පබාගේ කෝරළේ, හතරලියද්ද, උඩුදුම්බර, පූජා පිටිය, හාරිස්පත්තුව, උඩපළාත)
  • කෑගල්ල
    (ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, දෙහිඕවිට, වරකාපොළ, දැරණියගල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට, අරණායක)
  • කුරුණෑගල (නාරම්මල, මාවතගම, මල්ලවපිටිය, අලව්ව, රිදීගම, පොල්ගහවෙල)
  • මාතලේ
    (රත්තොට, විල්ගමුව, උකුවෙල, පල්ලෙපොළ, මාතලේ, ලග්ගල පල්ලෙගම, යටවත්ත, නාඋල, අඹන්ගඟ කෝරළය)
  • නුවරඑළිය
    (නිල් දණ්ඩාහින්න, වලපනේ, හඟුරන්කෙත, මතුරට)

ගත වූ පැය 24 තුළ පහත සඳහන් ප්‍රදේශ වලට 100mm ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම් පොළව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරු වලන් වැලකීම සඳහා අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාම සඳහා සූදානම් වීමට දැනුම් දී ඇත.
  • බදුල්ල
    (ඌව පරණගම, කන්දෙකැටිය, බණ්ඩාර වෙල, සොරණාතොට, හාලි ඇල, මීගහ කිවුල, බදුල්ල, ඇල්ල, හපුතලේ, ලුණුගල, වැලිමඩ, පස්සර, හල් දු මුල්ල)
  • නුවර එළිය
    (නුවර එළිය, අඹගමුව කෝරළය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර)
  • රත්නපුර
    (කහවත්ත, ගොඩකවෙල, කොලොන්න)
ගත වූ පැය 24 තුළ පහත සඳහන් ප්‍රදේශ වලට 75mm ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම් පොළව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරු වලන් වැලකීම සඳහා අවධානයෙන් සිටීමට දැනුම් දී ඇත.
  • කොළඹ
    (පාදුක්ක, සීතාවක )
  • ගාල්ල
    (ඇල්පිටිය, යක්කල මුල්ල)
  • ගම්පහ
    (මීරිගම, අත්තනගල්ල, දිවුලපිටිය)
  • කළුතර
    (බුලත්සිංහල, ඉංගිරිය, හොරණ)
  • මාතර
    (අතුරලිය, පස් ගොඩ)
  • මොණරාගල
    (බිබිල, මැදගම)
  • රත්නපුර
    (කිරි ඇල්ල, නිවිතිගල, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, පැල්මඩුල්ල, ඇළපාත, බලංගොඩ, ඕපනායක, ඉඹුල්පේ, අයගම, රත්නපුර, කල්තොට)
ඉහත සඳහන් ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඇති විය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ඉතා විමසිලිමත්ව ක්‍රියා කරන ලෙසටත්, අනතුරට භාජනය විය හැකි යැයි අනුමාන කරනු ලබන ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින් වැඩි වශයෙන් පරික්ෂාකාරීව කටයුතු කර ආපදා තත්ත්වය කළමණාකරනය කර ගැනීමට කටයුතු කරන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Previous Post Next Post