වාහන අලෙවිය විශාල ලෙස පහල වැටේ...


මෙරට සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සඳහා පනවා ඇති බදු සංශෝධනය කරමින් ඒවායේ මිල ගණන් පහත හෙළීමට රජය මැදිහත් විය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි. 

ඉන්ධන පිරිමැසුම්දායක වාහන සඳහා පනවා ඇති අධික බදු ඉවත් කළ යුතුය. නිදසුනක් ලෙස, මධ්‍යම පාන්තිකයන් බහුලව මිලදී ගන්නා වැගන් ආර් රථයක් වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 40කට ආසන්න බද්දක් ගෙවීමට සිදුව තිබේ.

මෙවැනි කුඩා වාහන ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීම සඳහා රජය දිරිගැන්වීම් කළ යුතු බව සභාපතිවරයාගේ අදහසයි.

පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙරට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර, පාරිභෝගිකයන්ගේ ක්‍රයශක්තිය ද පිරිහී ඇත.

වාහන ඇණවුම් කළ පාරිභෝගිකයන්ට පවතින ආර්ථික අපහසුතා මත ඒවා ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින්, මාස තුනක කාලසීමාව ඉක්මවූ පසු අය කෙරෙන 3% ක දඩ මුදල වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඉවත් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

සමස්තයක් ලෙස, ආනයනික වාහන සඳහා පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කිරීම හරහා ක්ෂේත්‍රයට මෙන්ම පාරිභෝගිකයාට ද සහනයක් සැලසීම රජයේ වගකීමක් බව ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

1 Comments

  1. වාහන ආනයන කාරයේ ටික රටේ සංවිත ඉවරවෙනකම් වාහන ගෙන්වා ගාල්කර තබාගෙන වැඩි මිලට විකිණිමට කරන උප්පරවැට්ටියක් . රජයක් විධියට මේ අවස්ථාවේ අනවශ්‍ය ලෙස ආනයනය කර ගාල් කර තබා ගැනීම වැලැක්විම උදෙසා මාස තුනෙන් තුනට දණ්ඩන පැණවිම අඛණඩව කිරිම උඡිතයි.

    ReplyDelete
Previous Post Next Post