වටගලට විරෝධය...


නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රකාශයට දැඩි විරෝධය පල කරමින් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ර්තජනයක්! - නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රකාශයට දැඩි විරෝධය

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් දෙසැම්බර් 2 වනදා මාළඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවකදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) වන අපගේ දැඩි කනස්සල්ල හා විරෝධය ප්‍රකාශ කරමු.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන හෝ මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඇතුලු ' දේශපාලන අධිකාරියේ තොරාගත් කිහිප දෙනෙකු ' ඉලක්ක කර ගනිමින් ' පදනම් විරහිත මඩ ප්‍රහාරයන්' එල්ල කරමින් යන බවය. ඇමතිවරයා තව දුරටත් පවසා සිටියේ, භෞතිකව, Online මගින්, Al තාක්ෂනය මගින් ' අසත්‍ය අදහස් - විකෘති කිරීම්' සිදු කල නොහැකි බවයි. එසේ සිදු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව මේ වන විට රට තුළ පනවා ඇති ' හදිසි නීතිය ' උපයෝගී කරගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බව(සැකකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙස සලකමින්) ඇමතිවරයා පවසා ඇත.

අපගේ ස්ථාවරය වන්නේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතියක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ බරපතල තර්ජනයක් බවයි.

එසේම, ආපදා තත්ත්වය කළමනා කරණය සඳහා පනවන ලදැයි කියන හදිසි නීතිය, දේශපාලනික විවේචන මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට තැත් කිරීම බලය අනිසි ලෙස භාවිතා කිරීමක් වන අතර, එය පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් මංකොල්ල කෑමක් බඳුය. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිතාමතාම මර්දනය කිරීමට සහ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට දරන ලද අතිශය භයානක උත්සාහයකි. විවේචනය කිරීම අපරාධයක් නොවන අතර, විවේචනයට බියෙන් එයට දඬුවම් කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර වාදයට කළ හැකි බරපතලම හානියකි.

මෙමගින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සහ විචාරශීලී පුරවැසියන්ට ඇති විය හැකි බියගැන්වීම සහ ස්වයං වාරණය පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) ලෙස අප දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. එබැවින්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදුකල එම ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගත යුතු බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු හදිසි නීති හෝ වෙනත් නීති - රීති මගින් මර්දනය කළ නොහැකි මූලික මානව අයිතියක් බැවින් මේ පිළිබද ආණ්ඩුව සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් අප ප්‍රකාශ කර සිටිමු.

8 Comments

  1. Under this can some one will be charged for calling their employee inhuman derogative comments in public as well. Or is it only apply to the President and the government.

    ReplyDelete
  2. ජෙප්පොන්ගේ ඒකාධිපති වියරුව..... බෞද්ද විරෝධී ද්‍රෝහී JVP පච රෑල.....

    ReplyDelete
  3. හොරු බේරගන්න එක එක නම් වලින් මාද්ය නිවේදන නිකුත් කරාට වැඩක් නෑ. හොරුන්ට විරුද්ද ජනතාව ආණ්ඩුව සමග.

    ReplyDelete
    Replies
    1. ටෙම්ප්ලේට් කොමෙන්ට් එකක්..

      ඔය හොරු කතාව කියන්න කලින් උබලගෙ මහලොකු සුදන ආන්ඩුවට විගනගාදිපති කෙනෙක් පත්කරගන්න කියල බලමුද?. ජනාදිපතිගෙ යාලුවට් නෙමෙයි, සුදුසු එක්කෙනාට දෙන්න කියන්න මහත්තයො..

      Delete
  4. මෙවා ගෑන බටහිර තානාපතිවරුන් දැනුවත් කල යුතුය.ඒවාගෙම මොවුන්ගේ හොරෙන් ගෙනියන රාජ්‍ය සේවය අත්පත් කර ගැනිමේ වැඩපිළිවෙළ ගැනත් (උදා හර ලෙස පොලිස් වාර්තා දීම ට ගමේ ආරක්ෂ ක කම්ටු සභාපති ගෙ ලිපිය අවශ්‍ය ) ඔවුන් දැනුවත් කල යුතුය විශේෂයෙන් අමෙරිකාණු ජනාධිපතිවරයා කෙලින්ම දැනුවත් කල යුතුය.

    ReplyDelete
  5. වැඩේ ඇත්ත නම් විවේචනය කරාට කමක් නෑ...AI තාක්ෂණය පාවිච්චි කරලා අපහාස කිරීමේ අරමුණින් කරල තියෙනවනම් දැඩි දඬුවම් දිය යුතුයි... අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබිය යුත්තේ සත්‍ය කරුණු පැවසීමට පමණි....

    ReplyDelete
  6. ජාතිකවාදී නායකයන් වන මහින්ද මේ හදිසි නීතිය දෑම්මනම් අද ජුලී චුන්ග් සහ අනිති තුච්ච බටහිර නායකයින් අද අපිට හොන්දට නෙලලා....JVP ලපයාට එහෙම නෑත්තේ බටහිට උන් දන්නවා මේ ජෙප්පෝ කරන්නේ බටහිරට අවශ්ය දේ තමා කියලා.....විශේශයෙන්ම බුද්දාගම ලන්කාවෙන් තුරන් කිරීම .....

    ReplyDelete
  7. මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //

    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
    රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
    මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //

    මල් සුගන්දේ ....

    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
    දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
    ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //

    මල් සුගන්දේ ....

    මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
    මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
    ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //

    ReplyDelete
Previous Post Next Post