භාණ්ඩාගාරයේ තිබෙන මුදල් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදලට බැර වූ මුදල් ආපදාවට ලක්ව සිටින ජනතාව ගොඩනැගිම සඳහා යොදා ගැනීම කාලෝචිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකකියන් රාසමානිකම් මහත පසයි.
ආපදාවට ලක්ව සිටින ජනතාවට නිවාස ඉඳිකර දීම සඳහා ගොඩනගන අරමුදලට මෙම මස හා ලබන මස මන්ත්‍රී වැටුප තමන් පරිත්‍යාග කරන බව ද හෙතෙම කීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ පක්ෂ අරමුදලට නොයවා ඉදිරි මාසේ දෙකේ මන්ත්‍රී වැටුප නිවාස ඉදිකරන වැඩපිළිවෙළට පරිත්‍යාග කරන ලෙස බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. පසු ගිය වසරක පමණ කාලය තුළ ඡනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප පක්ෂ අරමුදලට බැර වූ බවත් අවම තරමින් එම මුදල් ප්‍රමාණය බිලියනය ඉක්මවා ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස දක්වමින් රාසමානික්කම් මත්තා මෙසේද පැවසුවේය.
" ආපදාවට ලක්ව සිටින ජනතාව ගොඩ නැගීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුයි. ආහාර. ඇඳුම් පැළඳුම් වැනි අවශ්‍යතා සපුරාලීම සඳහා මුලින් අවධානය යොමු කළ යුතුයි. පසුව නිවාස යළි ගොඩ නැගීම වැනි දිගුකාලීන වැඩපිළිවෙළ ගණනාවක ක‍්‍රියාත්මක කරන්න තිබෙනවා.
භාණ්ඩාගාරයේ තිබෙන මුදල් පමණක් භාවිත කරමින් මේක කරන්න බැහැ කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා. පාර්ලිමේනතු මන්ත්‍රීවරයකු ලෙස මගේ මාස දෙකක වැටුප මම නිවාස ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාග කරනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 දෙනාගේ මන්ත්‍රී වැටුප් බැර වෙන්නේ පක්ෂ අරමුදලටයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් 15000ක් ලැබෙනවා. මේ සියලු මුදල් ගණනය කළොත් රුපියල් බිලියනයක පමණ මුදලක් පක්ෂ අරමුදලට එකතු වී තිබෙනවා.
ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් වලින් පමණක් නිවාස ගොඩ නගන්න බැරි නිසා මම මගේ මන්ත්‍රී වැටුප ඒ සඳහා පරිත්‍යාග කළා. ජවිපෙ අරමුදලේ එකතු වී තිබෙන මුදල් නිවාස ඉදිකරන වැඩපිළිවෙළට ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පක්ෂ අරමුදලේ එකතු වී තිබෙන මුදල් පක්ෂ සාමාජිකයින් වෙනුවෙන් පමණක් නොව විපතට පත්ව සිටින සමස්ත ජනතාව වෙනුවෙන් වැය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
සමන්ති වීරසේකර

ඒක දීල කොහොමද
ReplyDeleteටිල්ළිං ආතට යනකොට ගෙනියන්නත් දෙයක් තියෙන්න එපෑය
Don’t waste time telling these guys these thing. If you tell this to any sensible people they will take note of that. Haven’t you know already these is a group of messed up mind group and their associates. They have this Marxist ideology that failed miserably all over the world.. The reason for this Marxist ideology to fail is that there is fundamental flaw with the people who try to implement . They say and believe that everyone is equal except them.
ReplyDeleteThat is why they destroyed a socialist government in 1971 killing mainly innocent police officer who were doing their duty, army personal, government officers who were against them and all others who did not agree with them. Haven’t you heard that the leopard never change its spots.
බැදුම්කර මුදල් සුනාමි මුදල් වියදම් කරන්න.එපා ද?
ReplyDeleteඅඩු පාඩුවට උගන්ඩාවේ තියෙන ඩොලර් එහෙමත් ගේමු
Delete