ආහාර පිසින තෙල් කවලම් තහනම් ගැසට්ටුව බහිරවයෙක් වෙනස් කරන්න යයි...

 
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආහාර පිසීමට භාවිතා කරනු ලබන තෙල් කවලම් කර විකිණීම තහනම් කර ගැසීමට සූදානම් ගැසට්ටුව බහිරවයෙක් වෙනස්කර ගහන්න හදයි.

ආහාර පිසීමට භාවිතා කරන තෙල් කවලම් කර විකිණීම ශ්‍රී ලංකාවේ වසර ගණනාවක සිටම පවත්වාගෙන යන විශාල මාෆියාවකි. වත්මන් රජය බලයට පත් වූ වහාම ඒ පිළිබදව සොයා බලා ආහාර පිසින තෙල් කවලම් කර විකිණීමේ ජාවාරමට තිත තැබීම සදහා පිසින ආහාර තෙල් නිසි ලෙස ඇසුරුම් කිරීමට අදාල නීති සකසා ගැසට්ටුවක් නිකුත් කිරීමට  පොල් සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කර ඇත.

එම නිර්දේශය අනුව ගැසට් පත්‍රය නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පවරා ඇත. එහෙත් මෙම අවස්ථාවේ පාරිභෝගික කටයුතු අධිකාරිය සුදානම් වන්නේ පොල්තෙල් පමණක් නියමිත ඇසුරුම් සහිතව අලෙවි කල යුතු බවට වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටය. එසේ කිරීම අතීසාරයට අමුඩ ගැසීමකි.

පොල්තෙල් පමණක් නියමිත ඇසුරුමක පමණක් අලෙවි කිරීමට නීති සැකසුවහොත් වෙනත්  පිසින තෙල් එනම් ෆාම් ඔයිල්  හා වෙනත් පිසින තෙල් ඇසුරුම් නොමැතිව අලෙවි කිරීමට කූට වෙළෙදුන්ට අවස්ථාව හිමිවේ. එමගින් සිදු කරනුයේ පාරිභොගිකයා සියවස් ගණනක සිට ආහාර පිසීමට භාවිතා කරනු ලබන පොල්තෙල් වලින් දුරස්කිරීමකි. ආහාර පිසීමට ගත හැකි  සෞඛ්‍ය ආරක්ෂිතම තෙල් වන්නේ පොල්තෙල් බවට වෛද්‍යවරු ප්‍රකාශ නිකුත් කරද්දී කවලම් තෙල් වෙළදපොලේ සුලබ කිරීමට  පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ක්‍රියාකරයි නම් එම අධිකාරිය පාරිභෝගිකයින් විනාශ කිරීමේ අධිකාරිය ලෙස හැදින්විය යුතුය.

2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරිය පිහිටවූයේ පාරිභෝගික අධිකාරිය ආරක්ෂා කිරීමට මිස කූට ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට නොවේ.

ගරු වෙළද ඇමතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ රජයට අවශ්‍ය වී ඇත්තේ පොල් තෙල් පමණක් ඇසුරුම් කර විකිණීම සදහා නීති සෑදීම නොව ආහාර පිසීමට භාවිතා කරනු ලබන සෑම තෙල් වර්ගයක්ම නියමිත පරිදි ඇසුරුම් කර විකිණිය යුතු බවට වන ගැසට් පත්‍රයක් වන බැවින් මෙම කාරණයට මැදිහත් වී මෙරට පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා ලෙසයි.

2 Comments

  1. පුනරුදය

    ReplyDelete
  2. එක රටක් එක නීතියක්. ලපයගේ අම්මගේ රෙද්ද තමයි. ආප්ප හිටන්ටත් මේ පොන්න ලප කොටාට වැඩිය කොන්දක් තිබුනා. ඌ අඩුම තරමේ මයිලොව් වල සීනි වැඩී කියලා කිව්වා. සීනි ලෙවල් ප්‍රින්ට් කරන්න නීති ගෙනාවා. සිගරට් පෙට්ටි වල පිලිකා හැදුන රූප ප්‍රින්ට් කරන්න කියලා නීති ගෙනාවා. ලොරි ටෝක් පොන්න ලපයා ට එහෙම දෙයක් වත් කරන්න බෑ පොන්නයා වගේ කෙඳිරිගාන්න විතරයි දන්නේ.

    ReplyDelete
Previous Post Next Post